Photobucket

Monday, February 25, 2013

මවගේ ගේ බිඳ රන් බඩු පෙම්වතිය පෙම්වතාට දීලා

සිරිවිජය පුර ප්‍රදේශයේ දියණියක් තම මවට අයත් නිවස බිඳ රන් ආභරණ සොරාගෙන නිවසක් ඉදිකිරීම සඳහා තම පෙම්වතාට දී ඇති සිද්ධියක් මොනරාගල පොලිසියෙන් වාර්තාවෙයි. වාර්තාවන අන්දමට සිද්ධිය මෙසේය. දින කිහිපයකට පෙරදි තම නිවස බිඳ වටිනා රන් බඩු සොරාගෙන ඇති බවට කාන්තාවක් විසින් මොනරාගල පොලිසියට පැමිණිලි කළේය. පොලිසිය විසින් සැකකරුවන් සොයාගැනීම සඳහා පරික්ෂණ කටයුතු සිදු කළඳ ඒ ගැන කිසිඳු හෝඩුවාවක් හෝ සොයාගැනීමට නොහැකිවිය.  

පසුව පොලිසිය විසින් උපක්‍රමශීලිව වැඩිදුරටත් කරන ලද විමර්ශනවලදී පැමිණිලි කාරියගේ දියණිය විසින් මෙම සොරකම සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය විය. සැකකාරිය අත්අඩංගුවට ගෙන වැඩි දුරටත් පරික්ෂණ සිදු කිරීමේදී පවසා ඇත්තේ ඇය විසින් රන් භාණ්ඩ සොරාගෙන ඇගේ පෙම් වතට ලබා දී ඇති බවත් පෙම්වතා විසින් එම භාණ්ඩ මොනරාගල ප්‍රදේශයේ බැංකුවකට උගස් කර රුපියල් 274,400/- ලබාගෙන ඔහුගේ නිවස ඉදිකිරීම සඳහා යොදා ගෙන ඇති බවයි. උගස් කරන ලද භාණ්ඩවල රිසිට්පත් සහ සැකකරු සහ සැකකාරිය පෙලිස්සිය භාරයට ගෙන ඇති අතර (23) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all