Photobucket

Sunday, February 24, 2013

වෛද්‍ය උපදෙස් පිළිනොපැද කළ ශෛල්‍යකර්මයෙන් මහාචාර්‍යවරයා මියගියා

කළුබෝවිල රෝහලේදී ලැපරස්කොපි ශල්‍යකර්මයට ලක් කළ පේරාදෙණිය විශ්ව විදයාලයේ මහාචාර්ය රජීව ජයසිංහ මහතා මියගියේ ශල්‍යකර්මයේ වැරැදීමකින් නොව, ශල්‍යකර්මයෙන් පසු ඇතිවූ බැක්ටීරියා ආසාදනයකින් බව එහි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේය. උදරයේ පවතින තෙල් තට්ටුව ඉවත් කිරීමේ ශල්‍යකර්මයට ලක් කළ මෙම මහාචාර්යවරයාට විවිධ රෝග ගණනාවක් තිබූ බවත්, ඒ හේතුවෙන් ඔහුට ශල්‍යකර්මයට ලක් නොවන ලෙස වෛද්‍යවරු සඳහන් කර ඇතැයිද අධ්‍යක්ෂවරයා කීය. 

එහෙත් මහාචාර්යවරයා තම පවුලේ ඥාතීන්ද කැඳවා ඔහුට මෙම ශල්‍යකර්මය කර දෙන ලෙස වෛද්‍ය කේසල විජේරත්න මහතාට පවසා ඇතැයිද ඒ පිළිබඳව කැමැත්ත පළ කර ලිඛිතව දැනුම් දී ඇතැයිද අධ්‍යක්ෂවරයා කීය. මේ අවස්ථවේදී ශල්‍ය වෛද්‍යවරයා සැත්කමේ බරපතලකම හා එයින් සිදුවිය හැකි අතුරු ආබාධ තත්ත්වය පහදා දී ඇතත් මහාචාර්යවරයා තම සිරුරේ තරබාරුකම මැඬලීමට මෙම ශල්‍යකර්මය කළ යුතු බව පවසා ඇතැයි වෛද්‍ය ගුණවර්ධන මහතා කීය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all