Photobucket

Wednesday, February 27, 2013

ක්‍රීඩා පිටියේ ඇද වැටී තව සිසුවියක්‌ මරුට

අරණායක රිවිසඳ ජාතික පාසලේ ශිෂ්‍යාවක ඊයේ (26 දා) නිවාසාන්තර මලල ක්‍රීඩා උත්සවයේ මීටර් 5000 තරගයට එක්‌ව සිටියදී ක්‍රීඩා පිටියේ ඇද වැටීමෙන් මියගොස්‌ ඇත.

මෙසේ මියගොස්‌ ඇත්තේ අරණායක රහල නැගෙනහිර ප්‍රදේශයේ පදිංචිව සිටි ඩබ්. ටී. ජී. හෂිනි අනුෂා කුමාරි (18) නමැති ශිෂ්‍යාවයි. ඇය 13 ශ්‍රේණියේ වාණිජ අංශයෙන් අධ්‍යාපනය ලබමින් සිට ඇත. සොහොයුරන් දෙදෙනකුගෙන් සමන්විත පවුලේ මියගිය ශිෂ්‍යාව එකම දියණිය වූවාය.

මෙම ශිෂ්‍යාව මීටර් 5000 ධාවන තරගයට එක්‌ව වට එකහමාරක්‌ පමණ (මීටර් 300 ක්‌) දිවයන විට ක්‍රීඩා පිටිය මැද ඇද වැටී ඇත. පසුව කඩිනම් ප්‍රතිකාර ලබා දී ත්‍රිරෝද රථයකින් ඇය මාවනැල්ල මූලික රෝහලට රැගෙන විත් ඇත. රෝහලට ඇතුළත් කරන විටත් ඇය මියගොස්‌ සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

අරණායක පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all