Photobucket

Sunday, February 24, 2013

අගෝස්තුවේ සිට කටුනායකට අධිවේගයක්

කොළඹ - කටුනායක අධිවේඟී මාර්ගය අගෝස්තු මාසය වන විට විවෘත කරනු ලබන බව කොළඹ කටුනායක අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ පුෂ්ප ගුණරත්න මහතා පවසයි.

මුහුදු වැලි පුරවා මෙරට ඉදි කෙරෙන එකම අධිවේඟී මාර්ගය වන මෙය දිගින් කිලෝමීටර් 25.6 කි. පෑලියගොඩ වට රවුම අසලින් ඇරැඹෙන මේ අධිවේඟී මාර්ගයට පෑලියගොඩ, කෙරවලපිටිය, ජාඇල, කටුනායක යන ස්ථානවලින් පිවිසුම් මාර්ග ඉදි කෙරේ.

මේ ව්‍යාපෘතියට චීන සමූහාණ්ඩුව ආධාර ලබාදුන් අතර වැය කෙරෙන මුදල රුපියල් බිලියන 45 කි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all