අඩවියක් යැයි කිව්වහම ඉස්සර නම් අපට මතක් වෙන්නේ දෙවි දේවතාවන්ට වෙන් වූ විශේෂ
ප්‍රදේශයන් පිළිබඳ ව ය. හැබැයි දැන් වෙබ් අඩවි ගෝලීයකරණය වූ ලෝකය තුළ දේව අඩවි තරම්
ම වැදගත් වී, බලවත් වී තිබේ. ඒ ඒ පුද්ගලයන්ට, ආයතනයන්ට අයත් ඔවුන්ගේ තොරතුරු
අන්තර්ජාලය හරහා සපයා ගැනීමට හැකි අවකාශය අපි සරලව වෙබ් අඩවිය යැයි කියයි.
ඊට හේතුව
ඒවායේ පළවන තොරතුරු වෙනස් කිරීම තුළින් ලෝක ජන මතය ප්‍රබල ලෙස වෙනස් කිරීමටත්,
එයින් ආණ්ඩු පෙරළීමටත්, ආර්ථිකයන් කඩා වැට්ටවීමටත් ආගමික, වාර්ගික, යුදගිනි
ඇවිලවීමටත් කිසිදා ලිහිය නොහැකි වූ නූල් බෝල සේ සංකීර්ණ ගැටලු නිර්මාණය කිරීමට හැකි
වීම නිසයි.
ප්‍රහාර කිව්වහම ඉස්සර මතක් වෙන්නේ කඩු පොලු දුනු ඊතල සහ ඊටත් පසුව නම් අත්
තුවක්කු, මැෂින් තුවක්කු, මෝටාර්, ෂෙල් වෙඩි ආදියයි. එහෙත් අද සයිබර් ප්‍රහාර ඒ
සියල්ලට වැඩිය දරුණුය.

මේ අනුව වෙබ් අඩවිවල විස්තර වෙනස් කිරීම්, වෙබ් අඩවි අකර්මණ්‍ය කිරීම,
සම්පූර්ණයෙන්ම සාවද්‍ය තොරතුරු, සාවද්‍ය පින්තූර ඇතුළත් කරන අවස්ථා ඇත.
කතාකිරීම සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් ම ආරක්ෂා කර
ඇති අපි වැනි රටවල ඒ නිදහස ද වෙබ් අඩවි තුළින් වැරදි ආකාරයට ප්‍රයෝජනයට ගන්නා
අවස්ථා බහුලව දැකිය හැක.
මේ තුළින් පුද්ගල චරිතවලට මඩ ගැසීම ඉතාමත් දරුණු ලෙස දැකිය හැකි අතර, වඩාත් ම භයානක
වන්නේ ජාතීන් වශයෙන් සහ ආගම් වශයෙන් ඇතිවන සත්‍යයෙන් තොර ප්‍රචාර තුළින් නිර්මාණය
විය හැකි අවාසනාවන්ත තත්ත්වයන්ය.
ඒවා පිළිබඳ ඉතාමත් සැලකිල්ලෙන් සිටීම සෑම කරුණක්ම තාර බැර හැර භාරගැනීම මේ නිසාම
කාගේත් වගකීම වී ඇත්තේ ය.
තොරතුරු තාක්ෂණය භාර අමාත්‍යාංශය ලෙස අප මේ පිළිබඳව තොරතුරු තාක්ෂණ සාක්ෂරතාවය වැඩි
කිරීමට දක්වන උත්සාහය මෙන්ම උනන්දුව සේම නොදෙවැනි අවධානයකින් නිතිපතා කටයුතුª කරයි.
අප අමාත්‍යාංශය යටතේ ඇති තොරතුරු තාක්ෂණ නියෝජිතායතනයට අනුබද්ධ වූ ශ්‍රී ලංකා
පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය නොහොත් ‘සර්ට්’ ආයතනය මෙහිදී ප්‍රධාන ආරක්ෂකයා ලෙස
කටයුතු කරයි.
ඕනෑම පුද්ගලයකු, ආයතනයක් හෝ සමාජයකට මෙවැනි ගැටලුවක් මතු වන්නේ නම් ඒ පිළිබඳව සොයා
බලා අවශ්‍ය උපදෙස් දීමටත්, සංකීර්ණ විෂයක් වූ පරිගණක වැරැදිකරුවන් නීතිය හමුවට
පැමිණවීමට අවශ්‍ය සහාය ලබාදීමටත් “ශ්‍රී ලංකා සර්ට්” හැම විටම සුදානමින් සිටී.
තොරතුරු තාක්ෂණය පිළිබඳ අපේ පනත සකස් වී ඇත්තේ 2007 අංක 24 දරන පනතින් වන අතර, එය
තවමත් සංශෝධනය වී නැත.
නමුත් මෙය අද ලෝකය ඉතාම ශීඝ්‍රයෙන් වෙනස්කම්වලට භාජනය වන විෂයක් ලෙස සැලකිය හැකි
තොරතුරු තාක්ෂණයේ නවතම තත්ත්වයනට මෙන්ම වැරදි කරන්නන් නීතියට හසුකරගන්ට මෙම පනතේ
ඇති නීති රීති යාවත්කාලීන කළ යුතු කාලය එළඹ ඇත. ඒ සඳහා ද මේ වන විට ආරක්ෂක
අමාත්‍යාංශයේ ද පූර්ණ සහයෝගය ඇතිව අපි සූදානම් වෙමින් සිටිමු. එය ජාතික ආරක්ෂාවට
මෙන්ම පුද්ගලික ආරක්ෂාව සඳහා අදටත් වඩා හෙට දවසට වැදගත් වනු ඇත. ඊට හේතුව හෙට දවස
හැම පුරවැසියෙක්ම වෙබ් අඩවි භාවිතා කරන දවසක් බවට පත්විය හැකි වීමයි.
0 comments:
Post a Comment