Photobucket

Sunday, February 24, 2013

කිසිදු විදුලි බලාගාරයක්‌ විකුණන්නේ නෑ

රජයට අයත් කිසිදු විදුලි බලාගාරයක්‌ පෞද්ගලික අංශයට පැවරීමට හෝ විකිණීමට ආණ්‌ඩුව තීරණය කර නැතැයි විදුලිබල හා බලශක්‌ති ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

"නොරොච්චෝල ගල්අඟුරු විදුලි බලාගාරය පෞද්ගලික අංශයට පැවරීමට යනවා. කොටස්‌ වෙළෙඳපොළට දමා විකිණීමට යනවා" යෑයි කියමින් විපක්‌ෂය පට්‌ටපල් බොරු ප්‍රචාරයක්‌ ගෙන යන බව පැවසූ ඇමැතිවරිය ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ නායකත්වයෙන් යුත් සන්ධාන රජය රාජ්‍ය දේපොළ පෞද්ගලික අංශයට විකිණීමේ ප්‍රතිපත්තිය තරයේ ප්‍රතික්‌ෂේප කරන බවද කීවාය.

වත්මන් රජයේ සංවර්ධන වැඩපිළිවෙළට එරෙහිව එය කඩාකප්පල් කර දැමීමේ දුෂ්ට ෙච්තනාවෙන් විපක්‌ෂය එවැනි ප්‍රචාර ගෙනයනවා. ඉදිකිරීමට යෝජිත ත්‍රිකුණාමලය සාම්පූර් විදුලි බලාගාරය සම්බන්ධවද බොරු ප්‍රචාර ගෙන යැම ගැන අප කනගාටුව පළකරනවා.

සාම්පූර් විදුලි බලාගාරය ඉන්දීය රජයේ මුදල් ආයෝජන යටතේ ඉදිකරනු ලැබූවත් එහි පාලනය ශ්‍රී ලංකා රජය යටතේ පවතිනවා. එම විදුලි බලාගාරය ඉදිකිරීමට අදාළ කොන්දේසි සියල්ලට එකඟ වෙමින් පසුගිය කාලයේ ගිවිසුම් අත්සන් කර තිබෙනවා. නමුත් වත්මන් විදුලිබල ඇමැතිවරිය ලෙස මා එම ගිවිසුමට අදාළ කොන්දේසි සියල්ල එකින් එක අධීක්‌ෂණයට ලක්‌ කරනවා. ඒ නිසා විදුලිබල ඇමැතිවරිය ලෙස මම ඉතා වගකීමෙන් පවසනවා රජයට අයත් කිසිදු විදුලි බලාගාරයක්‌ පෞද්ගලික අංශයට පවරන්නේ හෝ විකුණන්නේ නැති බවට.

එහිදී අප ඇසූ ප්‍රශ්න කිහිපයකට ඇමැතිවරිය දුන් පිළිතුරු මෙසේය.

විදුලිබල මණ්‌ඩලය ලක්‌ව ඇති දැඩි මූල්‍ය අර්බුදයෙන් ගොඩඒම සඳහා විදුලි බලාගාර පෞද්ගලික අංශයට විකිණීම හැර වෙන විකල්පයක්‌ නැතැයි කියා විපක්‌ෂය චෝදනා කරනවා. ඔබ එය පිළිගන්නවාද?

ඔය චෝදනාව කරන්නෙ විපක්‌ෂයනෙ. රටේ සංවර්ධනයට සෘජුවම බලපාන අමාත්‍යාංශ අතරින් විදුලිබල හා බලශක්‌ති අමාත්‍යාංශය සිටින්නේ ප්‍රමුඛ ස්‌ථානයක. විදුලිබලය ජනතාවට අත්‍යවශ්‍ය දෙයක්‌. එනිසා ජනතා රජයක්‌ ලෙස අප වැඩි මිලට විදුලිය නිපදවා අඩු මිලට ජනතාවට ලබා දෙනවා. ජනතාවට සහන සලසන කොට ලාභය ගැන හිතන්න බැහැ. හැබැයි ලාභ නැහැ කියලා රටට වැදගත් ආයතන පෞද්ගලික අංශයට විකුණන්න හෝ පවරන්නත් බැහැ. ඒක මහින්ද රාජපක්‌ෂ රජයේ ප්‍රතිපත්තිය නෙමෙයි.

ළඟදීම විදුලි ගාස්‌තු වැඩිකරනවාද?

තවම අපි ඒ ගැන තීරණයක්‌ අරගෙන නැහැ. මුලින්ම අප උත්සාහ කරන්නේ විදුලිබල මණ්‌ඩලයේ ක්‍රියාකාරිත්වය තවදුරටත් කාර්යක්‍ෂම කර රටට අවශ්‍ය විදුලි නිෂ්පාදනය ඉහළ නැංවීමයි. එතකොට විදුලි ඒකකයක්‌ නිෂ්පාදනය කිරීමට වැයවන මුදල අඩු කරගත හැකියි. හැකිතාක්‌ දුරට ජනතාවට සහන ලබාදෙමින්, ජනතාවගේ පැත්තෙන් සිතමින් කටයුතු කරනවා මිස ලාභ ඉපැයීමේ අරමුණින්ම වැඩ කරන්නේ නැහැ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all