Photobucket

Wednesday, February 27, 2013

කොළඹ සහ කරාපිටියේ ප්‍රතිකාර සලකා බලා නෑ

කොළඹ නීති පීඨ ශිෂ්‍යාවගේ අත කැපීමේ සිද්ධිය පිළිබඳව විමර්ශනය කළ විශේෂඥ වෛද්‍ය කණ්‌ඩායම එම ශිෂ්‍යාවට කරාපිටිය ශික්‍ෂණ හා කොළඹ ජාතික යන රෝහල්වලදී ලබාදුන් ප්‍රතිකාර පිළිබඳව විමර්ශනය නොකිරීම බලවත් අඩුපාඩුවක්‌ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ දකුණු පළාත් ශාඛාව පවසයි.

නීති පීඨ ශිෂ්‍යාව කරාපිටිය ශික්‍ෂණ රෝහලට යෑවූ අවස්‌ථාවේදී ඇය භාර ගැනීම රෝහල විසින් ප්‍රතික්‍ෂේප කිරීම පිළිබඳව හෝ ඇයට කොළඹ ජාතික රෝහලේදී සිදු කළ ප්‍රතිකාර පිළිබඳව විමර්ශන කණ්‌ඩායම කිසිවක්‌ සිය පරීක්‍ෂණ වාර්තාවේ සඳහන් නොකිරීම ගැටලුවක්‌ බවද එම සංසදය පෙන්වා දෙයි.

මාතර මහ රෝහලේදී වෛද්‍ය කාර්ය මණ්‌ඩලය සම්බන්ධව විමර්ශනය කළ ආකාරයෙන් ඉහත කී කරුණු පිළිබඳවද සැලකිලිමත් වූයේ නම් පරීක්‍ෂණ වාර්තාව අපක්‍ෂපාතී වාර්තාවක්‌ වීමට ඉඩ තිබූ බවද සංසදය වැඩිදුරටත් සඳහන් කරයි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all