- කැලණිය සභාපති කියයි
හසිත මඩවල ඝාතනයේ සැබෑ වරදකරු ප්‍රධාන චූදිතයා නිදැල්ලේ ඔහුව අත්අඩංගුවට ගන්න නැතිනම් අපේ මංත්‍රීවරුන්ගේ ජීවිත අනතුරේ යැයි පෙරේදා 12 කැලණිය ප්‍රාදේශිය සභාවේ පැවැති මාධ්‍ය හමුවකදී කැලණිය ප්‍රාදේශිය සභාවේ සභාපති ප්‍රසන්න රණවීර මහතා පැවසීය. මහජන සම්බන්ධතා හා මහජන කටයුතු පිළිබඳ අමාත්‍ය මරිවින් සිල්වා මහතා කැලණිය ශ්‍රි.ල.නි.ප සංවිධායක ධූරයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාටත්, රජයටත්, පොලිස්පතිතුමා ඇතුළු ආරක්ෂක නිලධාරින්ටත් ස්තූතිය පල කිරීම සඳහා මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණි. කැලණිය ප්‍රාදේශිය සභාවේ සභාපති ප්‍රසන්න රණවීර මහතා මෙසේද පැවසීය.
කැලණිය නිදහස් කර ගැනීමේ සාධාරණ සටන වෙනුවෙන් හසිත මඩවල මංත්‍රීතුමා ජීවිතය පූජ කළා. කැලණිය ශ්‍රී.ල.නි.ප ප්‍රමුඛ සමස්ථ ජනතාව වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට කරන්නයි ඔහු ජීවිතය පරිත්‍යාග කළේ. පැය විසිහතරක් යන්නටත් ප්‍රථම මෙයට සම්බන්ධ ඝාතකයක් සමඟ අවි ආයුධ අත්අඩංගුවට ගත්තා. මේ සම්බන්ධව ක්‍රියා කරපු ජනධිපතිතුමාටත්, ආරක්ෂක ලේකම් තුමාටත්, බැසිල් රාජපක්‍ෂ මහතාවත්, පොලිස්පති තුමාටත් ස්තුතිවන්ත වෙනවා. අපේ මන්ත්‍රීවරුන් සියලුම දෙනාම සමූල ඝාතනය කරනනයි අත්අඩංගුවට ගත් සැකකරු සැලසුම් කරල තියෙන්නේ. පුද්ගලික ප්‍රශ්නයකට සමූල ඝාතනය කරන්න අවශ්‍ය නැහැ. රුපියල් ලක්‍ෂ 35 ක කොන්ත්‍රාත්තුවකටයි අපිව ඝාතනය කරන්න හදලා තියෙන්නේ. මෙහි සැබෑ වරදකරු තවමත් නිදැල්ලේ නිසා අපේ වන්ත්‍රීවරුන්ගේ ජීවිත අනතුරේ. මර්වින් හැර අපිට ඕනෑම සංවිධාකයවරයෙක් ලබා දෙන්න.
උප සභාපති චිමිල දුමින්ද මහතා: අමත්‍ය මර්වින් සිල්වා සමඟ සිටිය සියලුම දෙනාටම ආරාධනා කරනවා කැලණිය සංවර්ධනයට එකතුවෙන්න කියලා. අමාත්‍යවරයා අතින් මුදල් දීලා ජනතාවගෙන් අත්සන් ගන්නවා ආයිත් කැලණියේ සංවිධායක ධූරය ලබා ගන්න.
0 comments:
Post a Comment