එක්‌තරා
දවසක පැහැබර උදෑසනකි. දිනය උදාවීමත් සමග මිනිස්‌සු තම
රාජකාරිවලට පිටත්ව යැමට මහමගට එක්‌රොක් වි සිටිති. තවත් අය
අතුරු මංමාවත්වලින් ප්‍රධාන මාර්ගයට එමින් සිටිති. මම ද
කාර්යාලයට යැම සඳහා බස් රථයක ගමන් කරමින් සිටියෙමි.
බස් රථය තුළ පැවතියේ දැඩි නිහැඬියාවකි. එහෙයින්ම අසුනක් තුළ හුදකලා වූ මගේ සිතට ද විවිධ සිතුවිලි නැගෙමින්a තිබිණි. වාහන තදබදය අතරින් බස් රථය ද කෙමෙන් කෙමෙන් ගල්කිස්‌ස නගරයට සේන්දු වෙමින් තිබිණි. මොහොතින් මොහොත පියවී අවදි වන මගේ දෙනෙත්, බස් රථයේ වීදුරු කවුළුවෙන් එපිට එක් සිද්ධියක් අතර නතර විණි.
තැඹිලි පාට ඇඳුමකින් උඩු කය වසා ගත් මිනිසුන් තුන් දෙදෙනකු
බස් නැවතුම්පළ අසලම ගොඩ ගැසී තිබෙන කුණු කසළ ලොරියකට පටවමින්
සිටිති. ඒ ආසන්නයේම සිටින ඇතැම් මගීහු නාස් පුඩු දෑතින්ම තද
කරගනිමින් කුණු එකතු කරන්නන්ට ඔරවමින් සිටියහ. මගීන් පටවා
ගැනීමට බස් රථය ද එම බස් නැවතුම්පළේ නතර කෙරිණි. මම ඒ දර්ශන
පෙළ අතරින් දෙනෙත් නොගත්තෙමි. පවිත්‍රතා සේවකයන් ළඟින් යන විට
භයානක සතෙකු ළඟට පැමිණියා සේ ඇතැම් කාන්තාවන් එහාට මෙහාට
පනිති. ඔවුන්ගේ නාස්‌වලට මීට පෙර දුගඳක් නම් කොහෙත්ම දැනී
නැති සේය. එහෙත් කුණු එකතු කරන මිනිසුන් නම් කුණු ගඳ සුවඳක්
කරගෙන මගීන්ගේ රැවුම් ගෙරවුම් නොදැක්‌කා සේ ඔවුහු කඩිසරව කුණු
කසළ ලොරියට පටවමින් සිටීයහ.
සමාජයේ
විවිධ තරාතිරම්වල මිනිසුන් විවිධ රැකියාවල යෙදී සිටිති. මේ
මිනිසුන් නියෑළී සිටින්නේ ද රැකියාවකය, රාජ්‍ය සේවකයකුට හිමි
සියලු වරප්‍රසාද සහිත රාජකාරියකය. එමෙන්ම සමාජ සේවයකි. මොවුන්
ලොරිවල පටවාගෙන යන්නේ ඔබේ කුණු කන්දල්ය. මේ කුණු කසළ එකතු
කරන්නන් නොසිටින්නට නහයක් තිබෙන මිනිසකුට පාරක බැස යැමට
නොහැකි වනු ඇත. මන්ද නගර ජනාකීර්ණවීමත් සමග දැන් අවට පරිසරය
වේගයෙන් අපවිත්‍ර වෙමින් තිබේ. විශේෂයෙන්ම කොළඹ නගරය මෙන්ම ඒ
අවට ප්‍රදේශයන්ය. එසේ නම් ඔබ ජීවත් වන වටපිටාව පිරිසිදුව
තබාගැනීමට කැප වී සිටින එවැනි මිනිසුන් දෙස පිළිකුළෙන් බැලීම
සැබැවින්ම අසාධාරණය.
මිනිසුන් පිළිකුළෙන් ඉවතලන මේ ජීවිතවලට මොහොතක් එබිකම් කර බැලීමට මට සිතිණි. ඒ සිතුවිල්ල යථාර්ථයක් කර ගැනීමට පසුගිය දිනක අපි කොළඹ නගර සභාවේ කුණු එකතු කරන මිනිසුන් මෙන්ම නිලධාරීන් ද හමු වී කතා බහ කළෙමු.
කොළඹ නගර සීමාවෙන් පමණක් දවසකට කුණු මෙටි්‍රක් ටොන් 700 ක් පමණ එකතු වන අතර, වැඩිපුරම කුණු ප්‍රමාණයක් එකතු වන්නේ මැද කොළඹ ප්‍රදේශයෙනි. එය දිනකට කුණු මෙටි්‍රක් ටොන් 210 ක් වැනි විශාල ප්‍රමාණයක් බව කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය අපට පැවසුවාය.
මෙසේ එකතු වන කුණුවලින් 60% ක් පමණ දිරා යන තත්ත්වයේ කැලි කසළ වන අතර, ඉතිරි 40% ප්ලාස්‌ටික්, පොලිතීන් ආදී දිරා නොයන අපද්‍රව්‍ය ගණයට අයත් වේ.

පෞද්ගලික සමාගම් දෙකක් ඇතුළුව කුණු ලොරි 97 ක්, කුණු ට්‍රැක්‌ටර් 21 සහ සේවක සේවිකාවන් 1600 ක් පමණ කොළඹ නගර සභාව දිනපතා කුණු එකතු කිරීමේ රාජකාරියට යොදවා ඇත.
කොළඹ නගර සභාව කුණු එකතු කිරීමේ යොදවා ඇති බොහෝ වාහන මීට වසර විස්‌සකට පෙරදී කොළඹ නගර සභාවට ජෙයිකා ආයතනය විසින් 'පිනට දුන්' වාහනය. දැන් ඒ ලොරි රථ මෙන්ම ට්‍රැක්‌ටර් රථ ද කුණුවලටම ක්‍ෂය වී ගොස් රෝගී තත්ත්වයට පත්ව ඇත. එමෙන්ම කොළඹ නගර සභාවේ පවිත්‍ර සේවයෙන් විශ්‍රාම යන සේවක සේවිකාවන් වෙනුවට නැවත ස්‌ථිරවම සේවක සේවිකාවන් බඳවාගැනීමක් සිදු කර නැත. බඳවාගෙන සිටින සේවක සේවිකාවන් ද තවමත් සිටින්නේ කොන්ත්‍රාත් පදනම මතය. මෙවැනි හේතු නිසා කොළඹ නගර සභාවේ සමස්‌ත ඝන අපද්‍රව්‍ය අංශයම දැඩි අර්බුදකාරී තත්ත්වයට පත් වෙමින් තිබේ. අර්බුද ගැන කතා කළොත් නිමක් නැත. දැන් අපි නගර සභාවේ කුණු එකතු කරන මිනිසුන්ගේ ජීවිත ගැන කතා කරමු.
"නගර සභාවේ කුණු එකතු කරන්නන්" කීයු සැණින් සමාජයේ ඇතැම් මිනිසුන් ඔවුන් දෙස බලන්නේ පිළිකුලෙනි. ඔවුන්ගේ වෘත්තීයට සමාජය තුළ කිසිදු පිළිගැනීමක් ද නැත. සමාජය විසින් මේ වෘත්තීය කුණු ගොඩටම ඇද දමා තිබීම නිසා නවකයන් මෙම වෘත්තියට සම්බන්ධ වීමට මැලිකමක් දැක්‌වීමට ඉඩ ඇත. කොළඹ නගර සභාවේ ඝන අපද්‍රව්‍ය අංශයේ උද්ගතව ඇති සේවක ප්‍රශ්නයට එවැනි ගැටලු ද සෘජුවම බලපා ඇති බව සිතේ.
එය අප අනුමාන කරනවාට වඩා කොළඹ නගර සභාවේ නිලධාරියකුගෙන් ඒ ගැන විමසා සිටීම වැදගත්ය. එහෙයින්ම අපි බොරැල්ල ඝන අපද්‍රව්‍ය මධ්‍යස්‌ථානයේ සෞඛ්‍ය පරිපාලක ලෙස කටයුතු කරන බී. සෝමරත්න මහතා හමු වී ඒ ගැන විමසුවෙමු. ඔහු දැක්‌වූයේ මෙවැනි අදහසකි.
"ඉස්‌සර නම් මේ රැකියාවට මිනිස්‌සු එන්න අකමැති වුණා. නමුත් දැන් මිනිස්‌සු මේ වෘත්තියට බැඳෙන්නෙ බොහෝම කැමත්තෙන්. මේක අන්තිමේ පැන්ෂන් එකක් තියෙන රජයේ රැකියාවක්. ඒ වගේම රාජ්‍ය සේවකයන්ට ලැබෙන සියලුම වරප්‍රසාද මේ අයටත් ලැබෙනවා"
"කොළඹ නගර සභාවේ මළ නාළිකා පවිත්‍ර අංශයට උපාධිධාරීන් පවා අද සම්බන්ධ වෙලා රැකියා කරනවා. මෑත කාලයේ O/L, A/L කරපු අයත් ඝන අපද්‍රව්‍ය අංශයට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ අයත් බොහොම කැමත්තෙන් තමයි මේ රැකියාව කරගෙන යන්නේ. ඔය සමහර ටයි කෝට් දාගෙන යන මහත්තෙලාට වඩා මේ මිනිස්‌සු හම්බ කරනවා. ඒකෙ දෙකක් නැහැ"
"මේ අයගේ සේවය උදෑසන 6.30 ට ආරම්භ කරලා සවස 6.30 ට යි අවසන් කරන්න තියෙන්නෙ. නමුත් මේ මිනිස්‌සු දවස පුරාම දහජරාව අත ගාන නිසා අපි මේ අයට පහසු විදිහට රාජකාරිය කරගෙන යන්න අවසර දීලා තියෙනවා. මේ අයත් කොහොමහරි දවසේ වැඩ ටික සවස 3.30 වෙනකොට ඉවර කරලා නාලා සෙන්ට් පවුඩර් දාලා ගෙවල් දොරවල්වලට යනවා. වැඩ ඉවර කරලා කීයට එළියට ගියත් හදිසි අවස්‌ථාවකදී අපි මේ අයව නැවත කැඳවනවා. ඒ නිසා තමයි මේ අයට දිනකට පැය හතරක අතිකාල දීමනාවක් ලබා දීලා තියෙන්නෙ. නගර සභාවෙන් ලැබෙන වැටුපට අමතරව කුණු විකුණගෙන අමතර ආදායමක් උපයාගන්නත් කොළඹ නගර සභාව අවසර දීලා තියෙනවා. ඒක මම කියනවාට වඩා හොඳ මේ අයම කියනවා නම් තමයි... සුනිල් ඔයාලට දීලා තියෙන පහසුකම් ගැන මේ මහත්තෙලාට කියන්න බලන්න..."
බොරැල්ල ඝන අපද්‍රව්‍ය මධ්‍යස්‌ථානයේ පවිත්‍ර සේවකයන් ලහි ලහියේ සූදානම් වෙමින් සිටින්නේ උදෑසනින්ම දවසේ වැඩ මුරය ආරම්භ කිරීමට මගට බැසීමටය. එහෙත් වෙනදා මෙන් අද නම් ඔවුන්ට පාන්දරින්ම කුණු ලොරියට නගින්නට අපි ඉඩ නොදෙමු. මන්ද, ඔවුන් සමග අපට කතා බහ කිරීමට බොහෝ දේ තිබෙන බැවිනි. අප වටා එක් රොක් වී ඇති ඔවුන්ගේ මුහුණුවලින් පෙනෙන්නේද එයමය. අප අතර තිබූ කෙටි නිහැඬියාව බිඳිමින් කුණු, ආදායම් මාර්ගයක් කර ගන්නා අයුරු සුනිල් විස්‌තර කරන්නට පටන් ගත්තේය.
"අපි එකතු කරන කුණු වර්ග කරනවා. කඩදාසි, ප්ලාස්‌ටික් සහ යකඩ වෙන් කරලා තියෙනවා. වටේ කුණු ටික එකතු කරලා ඉවර වුණාට පස්‌සේ වෙන් කරපු කඩදාසි, යකඩ සහ ප්ලාස්‌ටික් බෝතල් - පත්තර කඩයකට විකුණලා අනිත් කුණු ටික කුණු කන්දට ගිහින් දානවා. ඒකෙන් ලැබෙන මුදල එදා දවසට කුණු ලොරියේ හිටපු කිහිප දෙනා අතර බෙදා ගන්නවා. පඩියට අමතරව අපි කුණු විකුණලත් මාසෙකට රුපියල් හය හත් දාහක් හොයාගන්නවා. කොහොමත් මාසෙකට කැපිලා කෙටිලා රුපියල් 32000 ක විතර පඩියක් අතට එනවා. මාසෙකට අපිට ලැබෙන ආදායම ජීවත් වෙන්න හොඳටම ඇති. අපි මෙතැනට එනකොට කාටවත්ම ෆුට් සයිකලයක්‌වත් තිබුණෙ නැහැ. දැන් හැම දෙනාම එන්නේ මෝටර් බයිසිකල්වල. සමහර අයගේ ගෙවල්වල කාර්, වෑන් තියෙනවා. හැමෝම හොඳට ගෙවල් දොරවල් හදාගෙන තියෙනවා. දරුවන්ට හොඳට උගන්වනවා. ඒ හැම දෙයම කරන්නේ මේ රැකියාවෙන් ලැබෙන ආදායමෙන් තමයි"
"ඉස්‌සර මේ ජොබ් එකට මීට වඩා වරප්‍රසාද තිබුණා. මාසෙකට සෑහෙන්න සබන් දුන්නා. දිනකට කෑම වේලට බිත්තරයක් එකතු කරගන්න පඩියට වෙනම දීමනාවක් දුන්නා. අපිට මාසෙකට සැරයක් ප්‍රතිශක්‌තිකරණ එන්නතක් ලබාදුන්නා. දැන් කාලෙක ඉඳලා ඒ කිසිම වරප්‍රසාදයක් දෙන්නෙ නැහැ. තව දූවිලි සල්ලි කියලා පඩියට 25% ක දීමනාවක් දුන්නා. ළඟදි ඉඳලා ඒක දෙන්නෙත් නැහැ. නගර සභාවේ මළ නාළිකා අංශයට නම් තවම ගෙවනවා. අපිට දෙන එක නවත්වලා"
"දවස පුරාම අපිත් ජීවත් වෙන්නෙ කුණුත් එක්‌ක තමයි. අපි නැති නම් මේ කොළඹ මිනිහෙකුට පාරක බැහැලා යන්න බැරි වෙනවා. අපිනේ දන්නේ ඒකෙ රඟේ. අපි අපේ රාජකාරිය අකුරටම කරනවා. පාරක කුණු කෑල්ලක් තියෙන්න දෙන්නෙ නැහැ. අපේ සීමාවේ කොහේ හරි ගෙදරකින් කෝල් කරලා කිව්වොත් ගෙදර කුණු එකතුවෙලා, බල්ලා මැරිලා ඉන්නවා කියලා අපි පුළුවන් තරම් ඉක්‌මනට ඒ ගෙදරට ගිහින් අපේ රාජකාරිය කරනවා. අපි එහෙමයි වැඩ කරන්නේ. ඒත් රජය අපිව කූණු කැල්ලක් වගේ අහකට දාලයි තියෙන්නෙ. අපට නොදැනෙන්න සියලු වරප්‍රසාද දැන් කප්පාදු කරගෙනයි යන්නේ."
පහළ ස්‌වරයෙන් ගලා ගිය සුනිල්ගේ හඬට දැන් දැන් අනෙකුත් පවිත්‍ර සේවකයන්ගේ හඬ ද එකතු වෙමින් තිබේ. එහෙත් ඔවුන්ගේ වචනවල ගැබ්ව ඇත්තේ එකම අරුතකි. ඒ ඔවුන්ගේ වෘත්තියට ලැබෙමින් තිබුණු වරප්‍රසාද කප්පාදු වෙමින් තිබෙන බවය. ඔවුන්ට දැනුම් දීමට හැකි සියලු ඉහළ නිලයන්වලට ඔවුන්ගේ ගැටලු මේ වෙනකොටත් දැනුම් දී හමාරය. එහෙත් එය බීරි අලින්ට විණා වාදනයක් පමණක් වී ඇත.
ගැටලුවලට විසඳුමක් නොලැබුණා යෑයි කියා
ඔවුන්ගේ ඉල්ලීම් දිනාගැනීමට සේවය වර්ජනය කර බෝඩ් කෑලි එල්ලාගෙන
මහ මඟ මොර දෙන්නට ද නොහැකිය. මන්ද ඔවුන්ගේ සේවය රටට අත්‍යවශ්‍ය
සේවයකි. රටේ පිරිසිදුකම පවත්වාගෙන යැමට ඔවුන් නැතිව බැරිය.
සේවය අතවශ්‍ය වුවද ඔවුන්ගේ වෘත්තියට නම් සමාජයෙන් කිසිදු
අගැයීමක් නැත. සමාජය තුළ ඔවුන් තවත් කුණු කෑල්ලක් පමණි.
කුණු ලොරියක් පාරෙ යනකොට මිනිස්‌සු අපි දිහා බලන්නෙ හරි අමුතු විදිහට. සමහර අය අපි ළඟින් යන කොට නහය වහගෙන දුවනවා. කුණු ගන්න සමහර ගෙවල්වලට ගියහම ඒ ගෙවල්වල නෝනලා අන්න කුණුකාරයා ඇවිත්, ඇතුළට එන්න ඉස්‌සෙල්ලා කුණු ටික එළියට දාපන් කියලා ගෙදර ආයාට කෑගහලා කියනවා අපිට ඇහෙනවා. අපි යන්නේ ඒ අයගේ කුණු ගේන්න. ඒත් අපිට සලකන්නෙ පහත් විදිහට. කුණු ගන්න යන සමහර ගෙවල්වල මිනිස්‌සු නම් බොහොම ප්‍රිය වචනයෙන් කතා කරලා කුණු ටික දෙනවා. සමහර තැන්වලින් කන්න බොන්න හිටන් දෙනවා. පරණ ඇඳුම් දෙනවා. සෙන්ට් පවුඩර් දෙනවා. එහෙම තැනුත් තියෙනවා. මිනිස්‌සු විවිධාකාරයිනේ මහත්තයෝ... ඔය කිසිම දෙයක් අපි ගණන් ගන්නේ නැහැ. කාගෙවත් ගෙම්බර එකවත්, අනුකම්පාවවත් අපිට වැඩක් නැහැ. අපි කරන්නේ රැකියාව.
"කුණු ගඳයි තමයි. ඒත් මහත්තයෝ මේ කුණු දැන් අපිට සුවඳයි. කුණු නිසා තමයි අද අපි මෙහෙම ජීවත් වෙලා ඉන්නේ. කුණු ගඳ ගැන නම් කියන්න වචන නැහැ. අමුතුම ගඳක් තියෙන්නෙ. අපි කුණු එකතු කරන්න අඳින යුනිෙµdaම් එකේ තියෙන පිලී ගඳක් කියන්න තේරෙන්නෙ නැහැ. අපි කුණු එකතු කරලා එන්නෙ නාන්න බලාගෙනයි. කොච්චර සබන් ගාලා නෑවත් ටික වේලාවක් යනකම් ඇඟෙන් අමුතු ගඳක් හමනවා. මොනව කරන්නද මහත්තයෝ. මේක අපේ රැකියාව. ජීවත් වෙන්න මේ දේ කරන්නම ඕනා. අපි නම් හරි හැටි ඉගෙනගත්තෙවත් නැහැ කියමු. විශ්වවිද්‍යාලවල ගිහින් උපාධි ගත්ත උදවියත් නගර සභාවේ ගලි අංශයේ වැඩ කරනවා කියන්නේ. ඉතිං තව මොන කතාද? කතාව කොතරම් ෙ€දජනකද? අපේ රටේ උපාධිධාරීන්ට හිමි තැන එතැනද? එය වෙනම කතා කළ යුත්තකි. අපි කතා කරන්නෙ කොළඹ කුණු ගැන සහ කුණු එකතු කරන මිනිසුන් ගැනය. මේ කතාව සම්පූර්ණ කිරීමට නම් තවත් පුංචි අඩුවක් ඇත. දැන් ඒ අඩුව සම්පූර්ණ කිරීමට අපි මුළු කොළඹම කුණු බහාලන කොළොන්නාව මීතොටමුල්ල කුණු කන්ද සොයා ගමන් කළෙමු.
අපගේ වෑන් රථය කොළොන්නාව මීතොටමුල්ලට ළඟා වී ඇතැයි සුළඟ අපට හඟවයි. මන්ද ප්‍රදේශයම අමුතුම දුර්ගන්දයකින් පිරී ගොස්‌ය. කෙටි ගමනකින් පසු අප ගමන් කළ වෑන් රථය ගහක් කොළක් නොමැති ඉමක් නොපෙනෙන විශාල කන්දක් අසල නතර විය. අපි බලා හිඳිමු. මේ සා විශාල කුණු කන්දක්á සිතා ගැනීමටවත් නොහැකිය. මොහොතකින් මගේ දෙනෙත් කුණු කන්ද අසල ගෙවල්දොරවල් කරා දිව ගියෙමි. දෙයින්නේ... මේ මිනිස්‌සු නහයක් තියාගෙන මේ ගෙවල්වල වසන්නේ කෙසේද? මගේ දෙනෙත් තවමත් දසත පුරා දිව යයි. මේ මැවී පෙනෙන්නේ මායාවක්‌ද? පාසලක්... කුණු කන්ද පාමුල... එහෙත් පාසලේ ළමයින් නම් පෙනෙන්නට නැත. මෙවැනි දුගඳක් මැද දරුවන් කෙසේ නම් අකුරු ඉගෙන ගන්නද? මේ නම් වසා දැමුණු පාසලක්... අපි එසේ සිතමින් කුණු කන්දේ ප්‍රධාන දොරටුව අසලට ගියෙමු.
පසුගිය දිනක කොළන්නාව මීතොටමුල්ල ගම්වාසීහු පාරට බැස්‌සෝය. ඒ, කුණු කන්ද මීතොටමුල්ලෙන් ඉවත් කරන්නැයි ඉල්ලමිනි. මේ සිද්ධිය වූයේ අප කුණු කන්දට ගොස් සතියක් ගෙවී යන තැනය. කුණු කන්ද අසලට ළඟා වන විට අපට හුස්‌ම ගැනීම පවා අසීරු විය. දුර්ගන්දය ඒ තරම් ප්‍රබල විය. එවැනි වටපිටාවක මේ ගම්වාසීන් මෙතරම් කාලයක් ජීවත් වූයේ කෙසේද? එදා අප දුටු පාසල ද වසා දමා ඇත්තේ කුණු කන්ද නිසාය. එසේ නම් කුණු කන්ද මීතොටමුල්ලට කර ඇති විනාශය සුළු පටු නැත. නිල ඇත්තෝ මේ ගම්වාසීන් ගැන සානුකම්පිතව බලා කඩිනම් විසඳුමක් ලබා දෙයි කියා අපි සිතමු. දැන් අපි නැවත අපේ කතාවට යමු.
කුණු කන්ද මුදුනේ සිටි මිනිසුන් අපට පෙනුණේ කුඩාවටය. කුණු කන්දෙ උසේ තරම කොතරම්දැයි යන්න දැන් ඔබට පසක් වනු ඇත. අපි කුණු කන්ද පාමුල තිබෙන කාර්යාලයට ගොඩ වීමු. ඒ කාර්යාලය යන්ත්‍රාගාරයක් වැනිය. එක් පුද්ගලයෙක් පරිගණකයක් ඉදිරියේ ගිණුම් වගු කිහිපයක් පිරික්‌සමින් සිටියි.
එම කාර්යාලයේදී සිදු වන කාර්යභාරය වනුයේ කුණු කන්දට යන කුණු ලොරිවල බර ගණනය කිරීමය. එමෙන්ම දිනය පුරා එකතු වූ කුණු ප්‍රමාණය කොපමණදැයි කියා කොළඹ නගර සභාවට දැනුම් දීම එම කාර්යාලයට පැවරි ඇති කාර්යභාරයකි.
අපි කුණු කන්දට නැගීමට සූදානම් වීමු. කන්ද තරණය කිරීම බැරෑරූම් කාර්යයකි. මාර්ගය වැස්‌සට මඩ ගොහොරුවක් බවට පත් වී ඇත. එහෙත් කුණු කන්ද පාමූල සිට කුණු කන්ද ගැන කියන්නට නොහැකිය. කුණු කන්ද භාරව සිටින නිලධාරියා මෙන්ම කුණු කන්දේ සේවකයන් සිටින්නේ කන්ද මුදුනේය. එසේ නම් අපි අනිවාර්යයෙන් කුණු කන්ද තරණය කළ යුතුමය. එහෙත් දෙපයින් ඇවිද යැමට නම් නොහැකිය. අපි ලොරියකට නැගී කුණු කන්ද තරණය කළෙමු. කන්ද වටේම ගෙවල්ය. කෙඳිරි ගාන ලොරි රථය ඉහළට ගමන් කරයි. දැන් දැන් මට හුස්‌ම ගැනීමට අපහසුවක් දැනෙයි. නාස් පුඩුවලින් ඇතුළු වන සැර දුර්ගන්දය ඉහමොළ දවාලන්නේය. යන්දෝ නොයන්දෝ මට සිතිණි. ඒ තරමට ගමන දුෂ්කරය. අවදානම්ය. බැරි බැරි ගාතේ ඉහළට නගින ලොරිය පෙරළී ගියහොත් ප්‍රපාතයකටය. කෙසේ හෝ කුණු කන්ද තරණය කළ විට හමා යන ගඳ ඉවසා ගැනීමට නොහැකිව හදවත නවතීදැයි මට සිතිනි. වෙන දෙයක් වෙච්චාවේ කෙසේ හෝ ලංකාවේ විශාලම කුණු කන්ද අද මම තරණය කරනවා යෑයි සිතට ධෛර්ය ගත්තෙමි. නැගෙන දුර්ගන්ධයත් සමග එය එවරස්‌ට් තරණය කරනවාට වඩා අපහසුය.
සෙමෙන් සෙමෙන් ඉහළට ඇදුණු ලොරිය කන්ද මුදුනේ නතර විණි. අපි ලොරියෙන් බිමට බැස්‌සෙමු. ඒ කුණු මතටය. අප අසලම මස් ගොඩක් අරක් ගෙන සිටින බල්ලෝ රෑනකි. කොක්‌කු, කපුටෝ රැන් පිටින් හඬ නගමින් කුණු අවුස්‌සති. මිනිස්‌සුද හරි හරියට කුණු අවුස්‌සමින් මොන මොනවදෝ පෝර උරවලට ඔබති. අපි මොහොතක් බලා හිඳිමු.
"මේ මිනිස්‌සු ජීවත් වෙන්නේ කුණු කන්දෙන්... පවුල් එකසිය පනහක් විතර කුණුවල තියෙන විවිධ දේවල් එකතු කරලා විකුණලා ජීවත් වෙනවා. අපි ඒ අයට බාධා කරන්නේ නැහැ. ජීවත් වෙන්නනේ හැම දේම කරන්නේ.
"මෙතැන වැඩ කරනවා කියන්නේ ලෙහෙසි පහසු වැඩක් නෙමෙයි. තනිකරම කුණුත් එක්‌ක තමයි ජීවත් වෙන්න වෙලා තියෙන්නෙ. අපි දැන් මේකට හැඩ ගැහිලා ඉන්නේ... "
"ඒක නෙමෙයි කතාව... මේ කුණුවලට කරන්න දෙයක් තියෙන්න ඕනා. හැමදාමත් මෙතැනට කුණු එකතු කරන්න බැහැ. දැනටත් මෙතැන කුණු තට්‌ටු ගානක් තියෙනවා. රටේ කුණු රටට සම්පතක් කරගන්න වැඩපිළිවෙළක් හඳුන්වා දුන්නෙ නැත්නම් ඉදිරියට විශාල ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා"
අපට එසේ පැවසුයේ කොළොන්නාව මීතොටමුල්ල කුණු කන්ද භාරව සිටින නිලධාරියාය. ඔහු පැවසුවේ සැබෑවකි. එහෙත් එවැනි පරිසර හිතකාමී වැඩපිළිවෙළක් පෙනෙන මානයකවත් නැත. සිදු වෙමින් ඇත්තේ තව තවත් රටම කුණු ගොඩක් බවට පත්වීම පමණි.

0 comments:
Post a Comment