Photobucket

Thursday, January 10, 2013

අගවිනිසුරු නිවෙස ඉදිරිපිට තවදුරටත් උපවාස

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අසාධාරණයක් වූ බව පවසමින් ගෝල්ඩන් කී තැන්පත්කරුවෝ අගවිනිසුරු නිල නිවෙස ඉදිරිපිට දෙවෙනි දිනටත් උපවාසය පැවැත්වූහ.

බම්බලපිටිය ගෝල්ඩන් කී ආයතනය ඉදිරිපිටින් පා ගමනක් ආරම්භ කළ ගෝල්ඩන් කී තැන්පත්කරුවෝ පෙරේදා (8) අගවිනිසුරු නිල නිවෙස ඉදිරිපිට දී උපවාසය ආරම්භ කළහ. එය ඊයේ (9) දිනයේ ද ක්‍රියාත්මක කළේය. තමන්ට සාධාරණයක් ඉෂ්ඨ වන තෙක් මෙම උපවාසය අත්නොහරින බව ඔවුන් ප්‍රකාශ කරති. 

එම ආයතනයේ මුදල් තැන්පත් කර අසරණ තත්ත්වයට පත් වූ නව දහසක පමණ පිරිසක් තමන්ට සාධාරණය ඉල්ලා අධිකරණයට ගියහ. තමන් වෙනුවෙන් අධිකරණය සාධාරණය ඉටු කර තිබිය දීත් තීන්දුව වෙනත් අතකට යොමුවීමෙන් දැඩි අසාධාරණයක් සිදු වූ බව එම තැන්පත් කරුවෝ පැවැසූහ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all