නායකයන් තිදෙනෙක්
තේරීම් කමිටුවට 5ක්
කළමනාකරණයේ මුල් පුටු දෙකක වෙනසක්
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගේ ඒකාධිකාරය බිඳ දමා නවක දක්ෂ
ක්‍රීඩකයන්ට ඉදිරියට පැමිණිය හැකි නව සංස්කෘතියක් ගොඩනඟන බව ක්‍රීඩා ඇමැති
මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
'දිනමිණ'ට විශේෂ ප්‍රකාශයක් කළ ඒ මහතා පැවැසුවේ වසර 2015දී පැවැත්වෙන ලෝක
කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කර ප්‍රබල වෙනස්කම් රැසක් සිදුකරන බවයි.
දැන් ඔස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා ක්‍රිකට් සංචාරයෙන් අනතුරුව
කඩිනම් වෙනසකට ක්‍රිකට් ක්‍රීඩාව ලක්කළ යුතු බව ක්‍රීඩා ඇමැතිවරයා අවධාරණය
කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් කණ්ඩායම් තුනකට වර්ග කොට නායකයන් තිදෙනෙකු
හෝ නායකයන් දෙදෙනකු පත් කිරීම සිදු කෙරේ. එමෙන්ම දැනට සිටින ක්‍රිකට් තේරීම්
කමිටු සාමාජික සංඛ්‍යාව තුනේ සිට 5ක් හෝ ඊට වැඩි ගණනකින් ඉහළ දැමීම සිදු වේ.

නවක ක්‍රීඩකයන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ස්ථාන තහවුරු කළ යුතු හෙයින් ඒ සඳහා
විනිවිද පෙනෙන ක්‍රමවේදයක අවශ්‍යතාව ද ක්‍රීඩා ඇමැතිවරයාගේ අවධානයට
ලක්ව ඇත. ක්‍රීඩා සමාජ හා පළාත් මට්‍ටමෙන් දක්ෂතා දක්වන ක්‍රීඩකයන් කෙරෙහි විශේෂ
අවධානය යොමු කිරීම නව සැලසුමේ ප්‍රධාන අංගයකි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලබන ආදායමෙන් සියයට අනුවක්ම වැටුප් හා වේතන
සඳහාත් ක්‍රීඩා සමාජවලටත් බෙදී යන බව පෙන්වා දෙන ඇමැතිවරයා පවසන්නේ යටිතල
පහසුකම් දියුණු කිරීම මුලුමනින්ම අඩාලව ඇති බවයි. එය ක්‍රිකට් ක්‍රීඩාවේ
දියුණුවට බාධාවක් බව හඳුනාගෙන ඇත.
ඇතැම් පිරිස් ඡන්ද ලබාගැනීමේ අරමුණින් ක්‍රීඩා සමාජවලට මුදල් බෙදාහැරීමට
ප්‍රමුඛතාව ලබාදී ඇතැයි ද අලුත්ගමගේ මහතා පැවැසීය. මේ වසරේදී ක්‍රිකට් යටිතල
පහසුකම් සංවර්ධනයට අවධානය යොමු කළ යුතු බවද හෙතෙම පෙන්වා දෙයි.
ශ්‍රී ලංකා
ක්‍රිකට් පිල එක්දින ලෝක තරගාවලි හතරකදීම පිට පිට සිවුවතාවක් අනුශූරයන්
බවට පත්වු අතර පසුගිය වසරේ සහභාගීවු ටෙස්ට් තරග 16කින් හතක් පරාජයට පත්විය.
ටෙස්ට් තරග 5ක් ජය පරාජයෙන් තොරව නිමා කළ ශ්‍රී ලංකා පිල තරග 4කින් ජය වාර්තා
කළේය. අවසන් ටෙස්ට් තරග 4ම පරාජයට පත්ව සිටී.
0 comments:
Post a Comment