තම පියාට නිව්මෝනියාව වැළඳෙන පරිදි බරපතළ තුවාල සිදුකර ඔහු
රෝගීව මිය යැමට සැලැස්‌වීම සහ බරපතළ තුවාල සිදුකිරීමේ
චෝදනාවට වරද පිළිගත් පුතෙකුට මීගමුව පළාත්බද මහාධිකරණ
විනිසුරු එම්. එම්. ඒ. ගµQර් මහතා විසින් වසර පහකට
අත්හිටුවූ බරපතළ වැඩ ඇතිව වසර දෙකක සිර දඬුවම් නියම කරන
ලදී.
වසර හතරක කාලයක් රිමාන්ඩ් භාරයේ පසුවී වරද පිළිගත් වින්තිකරු වූයේ වත්තල පදිංචි බාලක්‍රිෂ්ණන් සත්‍යමූර්ති නමැති 30 හැවිරිදි අවිවාහක තරුණයෙකි. නඩු විභාගයේ අනාවරණයවූ කරුණු අනුව 2008 නොවැම්බර් මස 19 වැනි දින වත්තල මාබෝල නයිදූව ප්‍රදේශයේදී විත්තිකරුගේ පියාව සිටි වේලු බාලක්‍රිෂ්ණන් නමැත්තාට පහරදී බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා නඩු පවරා තිබිණි.
මෙහි මියගිය අය මත්පැනට තදින් ගිජුවූ අයකු බවත් ඔහු තම පුතාවන විත්තිකරුට පොල්ලකින් පහරදීමට තැත්කළ අවස්‌ථාවේ විත්තිකාර පුතා තම පියාට ගලකින් පහරදුන් බවත් පැමිණිල්ලේ සඳහන් වේ. පහර කෑමෙන් දින ගණනාවකට පසු පහර කෑ පියා රෝහලේදී නිව්මෝනියාව වැළඳී මියගොස් ඇත. රජයේ අධිනීතිඥ පද්මාල් වීරසිංහ ද සිල්වා මහතා පැමිණිල්ල මෙහෙය විය. විත්තිය වෙනුවෙන් නීතිඥ මනේෂ් වෑවිට මහතා පෙනී සිටියේය.
0 comments:
Post a Comment