Photobucket

Monday, January 14, 2013

වයඹ දිග චීනයේ නාය යාමකින් ‍46ක් ජීවිතක්ෂයට

ළමයින් 19ක් ද ඒ අතර
චීනයේ වයඹ දිග ප්‍රදේශයේ යුනැන් ප්‍රාන්තයේ ගඕපෝ හි සිදුවු දරුණු නාය යාමකින් 46 දෙනෙක් මියගොස් ඇත . මිය ගිය අය අතර ළමුන් 19ක් සහ වැඩිහිටියන් 27ක් සිටින බව ෂින්හුවා ප්‍රවෘත්ති සේවය පවසයි . අතුරුදන්වු තිදෙනෙක් සෙවිමට සිදු කළ මෙහෙයුමක් සෙනසුරාදා අත්හැර දමා තිබේ .

සහන සේවකයන් 1000ක් පමණ එක්වි රාත්‍රිය පුරා සිදු කළ දැවැන්ත මෙහෙයුමෙන් අවසන් තිදෙනාගේ මළ සිරුරු සොයාගත් බව එරට බලධාරීහු පවසති . මේ මෙහෙයුමට පොලිසිය, ගිනි නිවන හමුදාව සහ පතල් සහන සේවකයන් සහ ප්‍රදේශවාසිහූ ද එක්වි සිටියහ. 

නාය යෑමෙන් නිවාස 16ක් සම්පූර්ණයේන්ම වැළලී ගොස් තිබේ . නාය යාම මීටර් 120 ක් දිග, මීටර් 110 ක් පළල හා මීටර් 16ක් ගැඹුරු ප්‍රදේශයක පැතිරි තිබූ බව බලධාරීහු පවසති. ගඕපෝ ප්‍රදේශය නිරතුරු නයා යාම්වලට සහ භූකම්පනවලට ලක්වන ප්‍රදේශයක් බව සඳහන් වේ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all