Photobucket

Sunday, January 13, 2013

ශිෂ්‍යත්වයෙන් සුදුසුකම් ලැබූ 3000 කට ජනප්‍රිය පාසල් නෑ

ශිෂ්‍යත්ව විභාගයෙන් සුදුසුකම් ලැබූ සිසුන් තුන්දහසකට පමණ ජනප්‍රිය පාසල්වලට ඇතුළත් වීමේ අවස්‌ථාව අහිමි වන තත්ත්වයක්‌ උද්ගත වී තිබේ. 

ජනප්‍රිය පාසල්වල හයවැනි ශ්‍රේණිය සඳහා පවතින පුරප්පාඩු ක්‍රමයෙන් අඩුවීම මෙම තත්ත්වයට හේතුවී ඇත. ජනප්‍රිය පාසල්වලට ඇතුළත් වීම සඳහා මෙවර අයදුම්පත් විසිහත්දහසක පමණ ප්‍රමාණයක්‌ අධ්‍යාපන අමාත්‍යාංශයට ලැබුණ අතර ඉන් ජනප්‍රිය පාසල්වලට සුදුසුකම් ලැබූ සහ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි පාසලේම අධ්‍යාපනය ලැබීමට කැමැත්ත පළකර සිටින සිසුන් හැරුණු විට සිසුන් තුන්දහසකට පමණ පාසල් හිමිවී නැත. මීට වසර කිහිපයකට පෙර ශිෂ්‍යත්ව සිසුන් දෙසීයක්‌ පමණ ඇතුළත් කරගත් ඇතැම් ජනප්‍රිය පාසල් මෙවර ඇතුළත් කර ගැනීමට කැමැත්ත පළකර ඇත්තේ සැලකිය යුතු ප්‍රමාණයක්‌ අඩුවෙනි. ප්‍රාථමික ශේ්‍රණි නොමැති හයවැනි ශේ්‍රණියේ සිට පන්ති පවත්වන ජනප්‍රිය පාසල් හැර සෙසු පාසල් බොහොමයක්‌ අධ්‍යාපන අමාත්‍යාංශයට පුරප්පාඩු ඉදිරිපත් කර ඇත්තේ පෙර වසරවලට වඩා අඩුවෙනි.

මෙම පාසල්වල ප්‍රාථමික ශේ්‍රණිවල එක්‌ පන්තියක්‌ සඳහා බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව විවිධ හේතු නිසා ක්‍රමයෙන් වැඩි වෙමින් පවතින අතර හයවැනි ශේ්‍රණියේදී එම වැඩිපුර සිසුන්ද සමග පන්තියකට 45 ලෙස තුලනය කරන හෙයින් ශිෂ්‍යත්වයෙන් ඉහළ ලකුණු ලැබූවද වෙනත් පාසලක සිට මෙවැනි පාසලකට ඇතුළත් වීමේ ඉඩකඩ සීමා සහිත වීම වැළැක්‌විය නොහැකි බව මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුර දුන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියෙක්‌ පැවසීය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all