Photobucket

Thursday, January 3, 2013

වැලි මිශ්‍රකර විකුණූ රතු සීනි කිලෝ 1,88000ක් අල්ලයි

වැලි මිශ්‍ර කළ රතු සීනි කිලෝ එක්ලක්ෂ අසූඅට දහසක ප්‍රමාණයක් අත්අඩංගුවට ගන්නට පාරිභෝගික සේවා අධිකාරිය අද (03) සමත් විය. 
ඒ වැල්ලම්පිටිය,සේදවත්ත  ප්‍රදේශයේ පිහිටි සීනි  ආනයනකරුවකුගේ ගබඩාවක තිබියදී ය.  දැනට සතියක පමණ කාලයක සිට වෙළෙඳපොලේ අලෙවියට තබා ඇති රතු සීනිවල කුඩා වැල්ලක් මිශ්‍ර වී තිබෙන බවට පාරිභෝගිකයන් විසින් පාරිභෝගික සේවා අධිකාරියට පැමිණිලි කර ඇත. එම පැමිණිලි අනුව අධිකාරියේ විමර්ෂණ අංශයේ නිලධාරින් පිරිසක් කොළඹ පිටකොටුවෙන් පරීක්ෂණ ආරම්භ කර ලබාගත් තොරතුරු ඔස්සේ වැල්ලම්පිටිය සේදවත්තේ පිහිටි මෙම තොග ගබඩාව සොයා ගෙන තිබේ. පසුව පාරිභෝගිත සේවා අධිකාරියේ වැටලීම් අංශයේ නිලධාරින් අද (03) දහවල් එම ගබඩාව වටලා රතු සීනි තොගයට සීල් තබා සාම්පල් කිහිපයක් නාගරික රස පරීක්ෂකවරයා වෙත යොමුකර ඇත.  
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all