ගෘහස්‌ථ
ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150 කින් ඉහළ දැමීමට
පාරිභෝගික සේවා අධිකාරිය ගෑස් සමාගම්වලට (05
වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට අවසර ලබාදී ඇත.

මේ අතර පාරිභෝගික සේවා අධිකාරිය පවසන්නේ ලිට්‌රෝ ගෑස් සමාගම රු. 300 කින්ද ලාෆ් ගෑස් සමාගම රුපියල් 517 කින්ද මිල වැඩිකිරීමට ඉල්ලා සිටියත් රු. 150 කින් පමණක් ගෑස් මිල ඉහළ දැමීමට තීරණය කළ බවයි. ගෑස් සිලින්ඩරයක කලින් තිබූ මිල රු. 2246 කි.
අවසන් වරට ගෑස් මිල ඉහළ දමනු ලැබුවේ 2012 මැයි හතර වැනිදාය. ඉන්පසුව 2012 ජුලි 14 වැනිදා රු. 150 කින් ගෑස් මිල පහත දැමිණි. සැප්තැම්බර් මාසයේදී ගෑස් මිල ඉහළ නැංවීමට ගෑස් සමාගම් අවසර ඉල්ලා සිටියද එම ඉල්ලීම ප්‍රතික්‌ෂේප කෙරිණි. පසුගිය නොවැම්බර් මාසයේදී ලෝක වෙළෙඳපොළෙහි ගෑස් මෙටි්‍රක් ටොන් එකක මිල ඇමරිකානු ඩොලර් 1008 දක්‌වා වැඩිවී තිබිණි.
0 comments:
Post a Comment