Photobucket

Tuesday, January 15, 2013

සෞදි ආරාබි ජාතිකයකුගෙන් රිසානාගේ පවුලට ලක්ෂ 10ක්

සෞදි අරාබියාවේදී මරණ දඬුවමට ලක්වූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකා රිසානා නෆීක් වෙනුවෙන් ඇයගේ පවුල වෙත රු‍. ලක්ෂ දහයක මුදලක් ප්‍රදානය කිරීමට සෞදි අරාබියානු ජාතිකයෙකු පියවර ගෙන තිබේ.

යහියා බින් අබ්දුල් රෂීඩ් නැමැති සෞදි අරාබි ජතිකයා විසින් මේ මුදල රිසානාගේ පවුල වෙනුවෙන් පරිත්‍යාග කර තිබෙන අතර අදාළ චෙක්පත කාත්තන්කුඩි ප්‍රදේශයේදී තමාවෙත බාරදුන් බව ළමා සංවර්ධන හා කාන්තා කටයුතු නියෝජ්‍ය ඇමැති එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා දිනමිණ ට පැවසීය.

මේ මුදල පරිත්‍යාග කළ සෞදි අරාබියානු ජාතිකයා තමාගේ හිතවතකු බව සඳහන් කළ නියෝජ්‍ය ඇමැතිවරයා සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී මේ මුදල ලබාදුන් බවද එය ඔහුගේ පළමු ශ්‍රී ලංකා සංචාරය බවද සඳහන් කළේය.

රිසානා නෆීක්ගේ පවුල වෙනුවෙන් නව නිවෙසක් ඉදිකර ගැනීම සඳහා මේ මුදල ලබාදීමට තීරණය කර තිබෙන අතර අදාළ මුදල එම පවුල වෙත ලබාදීමට පියවර ගන්නා බවද එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා ප්‍රකාශ කළේය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all