සිරියාවේ මධ්‍යම හමා ප්‍රාන්තයේ බේකරියකට
එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති අතර විශාල පිරිසක්
මියගොස් ඇති බව එරට විරුද්ධ පක්ෂ ක්‍රියාකාරීන් ප්‍රකාශ කරයි.
මෑතකදී කැරලිකරුවන් විසින් අල්ලා ගන්නා ලද නගරයක් වන හල්ෆයාහිදී මෙය සිදුවී ඇත. මියගොස් ඇති පිරිස 90ක් බවට පළවී ඇති ඇතැම් වාර්තා සත්‍ය බවට තහවුරු වුවහොත් එය එරට සිවිල් යුද්ධයේ සිදුවූ මාරාන්තිකම ගුවන් ප්‍රහාරයන්ගෙන් එකක් වනු ඇත.
සිරියානු රජයේ හමුදාවන්ට දෝෂාරෝපණය කිරීම සඳහා මෙම සිදුවීම වීඩියෝ කළ බව පවසමින් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් සිරියානු රාජ්‍ය රූපවාහිනිය සන්නද්ධ ත්‍රස්ත කණ්ඩායම් වෙත චෝදනා එල්ලකර ඇත. සිරියානු ජනපති බෂාර් අල් අසාද් හට එරෙහිව මාස 21ක් පුරා එරට කැරලි ගැසීම් සිදුවේ. මේ වනවිට එම කැරලි හේතුවෙන් පුද්ගලයන් 44,000කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති බැව් වාර්තා වේ.









0 comments:
Post a Comment