Photobucket

Thursday, December 27, 2012

ලොව දිගම අධිවේගී දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු ඇරඹෙයි

ලෝකයේ දිගම අධිවේගී දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු චීනය ඊයේ ආරම්භ කළේය. එය චීනයේ අධිවේගී දුම්රිය ජාලයේ නවතම සන්ධිස්ථාන ලෙස සැලකී තිබේ.

 බීජිං හා ගුවාන්ෂෝ අතර කිලෝමීටර 2298 ක් දුර මේ නව දුම්රිය මාර්ගය විවෘත කිරීමත් සමඟ මෙතෙක් පැය 22 ක ගමනක යෙදුණු මගීන්ට මින්පසු ඒ සඳහා වැයවනු ඇත්තේ පැය 8 ක් පමණි.

බිජිං බටහිර දුම්රියපොලෙන් මේ මාර්ග‍යේ දිවෙන පළමුවන දුම්රිය ගමන් අරඹනු මධ්‍ය රූපවාහිනි ජාලයෙන් විකාශනය කෙරිණ.

මෙම ගමනේදි දුම්රිය පැයට කිලෝමීටර 300 ක වේගයෙන් ගමන් කරන අතර ප්‍රධාන දුම්රිය පොළ 35 ක පමණක් නවත්වනු ලබන්නේය.

මේ දුම්රිය ගමනට දෙසැම්බර් 26 දා ම තෝරාගෙන ඇත්තේ 1893 එම දිනයේදී උපත ලත් චීන නිර්මාතෘ ‍මාඕ සේතුං අනුස්මරණය කරනු පිණිසය.

චීනයේ අධිවේගී දුම්රිය ජාලය 2007 දී අරඹන ලද අතර 2010 වනවිට කිලෝමීටර 8538 ක් ආවරණය කෙරෙමින් එය ලොව විශාලම දුම්රිය ජාලය බවට පත්ව තිබේ.2020 වන විට එම දුම්රිය මාර්ග ජාලය කිලෝමීටර 16000 ක් දක්වා දෙගුණයක් කිරීමට අපේක්ෂා කරන බවද පැවසී තිබේ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all