Photobucket

Thursday, December 27, 2012

රෝගී වෙසින් ඇවිත් මව මරා දියණිය පලා ගිහින්

මොනරාගල පොලිස් බල ප්‍රදේශයේ කොලොන්වින්න කණහිටිතැන්න ප්‍රදේශයේ දී ඝාතනයට ලක් වූ හය දරු මවගේ මළ සිරුරක් හමුවී ඇත.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කොණ්ඩදෙනි මුදියන්සේලාගේ කරුණාවතී (53) හැවිරිදි කාන්තාවකි. මෙම ඝාතනය සම්බන්ධව සැක කෙරෙනුයේ මිය ගිය මවගේ දියණියකි. ඇය ඝාතනයෙන් පසු ප්‍රදේශයෙන් පලා ගොස් ඇත.

සැකකාර කාන්තාව අසාර්ථක විවාහය නිසා දෙමාපියන් ළඟ ජීවත් වූ මානසික ආබාධයකින් පෙළුන අයෙක් බව පවුලේ අය පවසයි.

ම් පිළිබඳව අදහස් දැක්වූ මිය ගිය කාන්තාවගේ ස්වාමිපුරුෂයා කේ. ඒ. විජයපාල අබේවික්‍රම පැවසුවේ මම හේනේ ඉදල 25 දා ගෙදර එනවිට රෑ වෙලා. ගෙදර අඳුරේ තිබුනේ. මා ලාම්පුව පත්තු කළා. 

එවිට දැක්කා තුවාල ලබා වැටී සිටි බිරිඳ. කෑගහලා අවට අයට කථා කළා. 119 ට කථා කරලා කිව්වා අසල්වැසියෝ පැමිණ බලා කීවා මැරිලා කියල. සිද්්ධිය පොලිසියට කීවා.
මෙම ඝාතනය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්‍ෂණ 26 දා සිදුකිරීමට නියමිත ය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all