Photobucket

Thursday, December 27, 2012

ශ්‍රී ලංකා පිලේ කොදෙව් සංචාරය අවලංගුයි

ශ්‍රී ලංකා - ඉන්දියා - කොදෙව් තුන්කොන් ගැටුමක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය හේතුවෙන් ශ්‍රී ලංකා පිලේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය අවලංගු කිරීමට තීරණයවී තිබේ.

ලබන වසරේ මැයි මාසයේ කොදෙව් දුපත් හී පැවැත්වීමට නියමිතව තිබු ටෙස්ට් තරග 2ක්, එක්දින තරග 3ක් හා විස්සයි-20 තරග දෙකකින් සමන්විත තරගාවලිය වෙනුවට ඉන්දියාව, ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් අතර තුන්කොන් ක්‍රිකට් තරගාවලියක් සංවිධානය කොට ඇත‍.

මේ තුන්කොන් තරගාවලිය ජුනි 28වැනිදා සිට ජුලි 11වැනිදා දක්වා සබීනා පාක් හා ක්වින්ස් පාක් ඕවල් ක්‍රීඩාංගණවල පැවැත්වීමට ජගත් ක්‍රිකට් කවුන්සිලයේ අනුමැතිය ලැබී ඇත. අයි.පී.එල්.ක්‍රිකට් තරගාවලියේ හයවැනි අදියර අප්‍රේල් 3දා සිට මැයි මස 26වැනිදා දක්වා පැවැත්වෙන අතර මෙයට ශ්‍රී ලංකාවෙන් හා බටහිර ඉන්දීය කොදෙව් පිලෙන් ප්‍රබලතම ක්‍රීඩකයෝ රැසක් සහභාගී වෙති.

අති විශාල මුදල් ප්‍රමාණයක් වෙනුවෙන් කොන්ත්‍රාත් අස්සන් කළ ක්‍රිකට් ක්‍රීඩකයන්ට අයි.පී.එල් තරගාවලියට සහභාගිවීමට ඉඩලබාදිය යුතු හෙයින් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකා පිලේ කොදෙව් සංචාරය කල් දමන ලෙස ඉල්ලීමක් කර තිබුණි. එයට ප්‍රතිචාර දැක්වු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කළ යෝජනාවක් අනුව තුන්කොන් තරගාවලිය සංවිධානයවී ඇත.

විස්සයි-20 ලෝක ශූර බටහිර ඉන්දීය කොදෙව් එහි අනුශූර ශ්‍රී ලංකාව හා ලෝක ශූර ඉන්දියාව මේ තුන්කොන් ක්‍රිකට් තරගාවලියට එක්වන හෙයින් උණුසුම් තරගාවලියක් දැකබලා ගැනීමේ හැකියාව ඇතැයි කොදෙව් මාධ්‍ය සඳහන් කරයි.

තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තරග සටහන සබීනා පාක් හිදී
ජුනි 28 කොදෙව්-ඉන්දියාව
ජුනි 30 ශ්‍රී ලංකාව-ඉන්දියාව
ජුලි 2 කොදෙව්-ශ්‍රී ලංකාව
ක්වින්ස් පාක් ඕවල් හිදී
ජුලි 5 ‍කොදෙව්-ඉන්දියාව
ජුලි 7 ශ්‍රී ලංකාව-ඉන්දියාව
ජුලි 9 කොදෙව්-ශ්‍රී ලංකාව
ජුලි 11 අවසන් මහා තරගය
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all