Photobucket

Tuesday, December 11, 2012

බුත්තල-කතරගම පාරේ වාහනයක ගැටී අලි පැටවෙක්‌ මරුට

බුත්තල - කතරගම මාර්ගයේ පෙරේදා (9 දා) රාත්‍රි ගමන් ගත් වාහනයක ගැටී අවුරුදු 3 ක්‌ වයසැති අලි පැටවකු මියගොස්‌ ඇත.

බුත්තල - කතරගම මාර්ගයේ නිතරම මේ අයුරින් අසරණ වන සතුන් වාහනවල ගැටී මිය අය අතර පසුගිය දිනවල වළසකු හා දිවිදෙනකද මේ අයුරින් මිය ගොස්‌ තිබිණි. මියගිය අලිපැටවාගේ සිරුර කතරගම වන ජීවි නිලධාරින් විසින් කතරගම අඩවි වන කාර්යාලය වෙත ගෙන එන ලදී. මෙම අයුරින් වන සතුන් රථවාහනවල ගැටී මියයාම පිළිබඳව වහාම පියවර ගත යුතු බව වන ජීවි නිලධාරීහු වගකිවයුතු අංශවලින් ඉල්ලා සිටිති.

කතරගම - කේ. ඩී. දේවප්‍රිය
දිවයින ඇසුරින් පල කරන ලදී.
 
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all