Photobucket

Tuesday, December 11, 2012

ගාලගෝට්‌ටි මැද බස්‌නාහිර පළාත් සභාව ඊයේ උණුසුම්

විපක්‍ෂයේ උද්ඝෝෂණයට
ආණ්‌ඩු පක්‍ෂයෙන් ප්‍රහාර
ගාලගෝට්‌ටි මැද බස්‌නාහිර
පළාත් සභාව ඊයේ උණුසුම්
ගුටි බැට : ජල ප්‍රහාර අතරේ
මන්ත්‍රීවරු නාස්‌ : අතපය සපා කාලා


බස්‌නාහිර පළාත් සභාවේ අයවැය විවාදය අතරවාරයේ එජාප මන්ත්‍රීවරුන් සභා ගැබෙන් ඉවතට පැමිණ සංවිධානය කළ උද්ඝෝෂණ ව්‍යාපාරය කඩාකප්පල් කිරීමට ආණ්‌ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක්‌ උත්සාහ කිරීම නිසා ඊයේ (10 වැනිදා) එහි උණුසුම් ගැටුම්කාරී තත්ත්වයක්‌ හේතුවෙන් එකම ගාලගෝට්‌ටියක්‌ බවට පත් විය.

බස්‌නාහිර පළාත් ඇමැති උදය ගම්මන්පිල මහතා අයථා අන්දමින් වරප්‍රසාද ලබමින් කටයුතු කිරීමට විරුද්ධත්වය පළ කරමින් එජාප මන්ත්‍රීවරුන් ඊයේ පෙරවරු 11.00 ට පමණ මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි.

විපක්‍ෂ මන්ත්‍රීවරුන් අතදරා සිටි සටන් පාඨ පුවරු පැහැරගෙන ඉරා දැමීමට ආණ්‌ඩු පක්‍ෂ මන්ත්‍රීවරු කටයුතු කළහ.

එහිsදී දෙපාර්ශ්වය අතර දැඩි වාග් සහ ගුටි බැට හුවමාරු ද සිදු විය. ගැටුම් මැද ජල බෝතල් සහ ප්ලාස්‌ටික්‌ බඳුන් වැනි දෑ එල්ල වන අයුරු ද දක්‌නට ලැබිණි.

මෙම ගැටුමේදී පක්‍ෂ විපක්‍ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුගේම නාස්‌ හා අත්පය සපාකෑම්ද සිදුව තිබේ.

රෝස්‌ ප්‍රනාන්දු මෙනෙවිය (එජාප) හා එම්. එම්. අම්ජාඩ් (එජනිස) යන මහත්ම මහත්මීන් සභාවේදී කියා සිටියේ තමන්ගේ නාස්‌ සපා කා ඇති බවය.

මන්ත්‍රීවරුන් ප්‍රසිද්ධියේ මෙලෙස හැසිරීම පිළිබඳව පළාත් සභාවට පැමිණ සිටි ජනතාවගේ අප්‍රසාදය පළවන අයුරු දැක ගත හැකි විය.

චමින්ද සිල්වා
දිවයින ඇසුරින් පල කරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all