මාදම්පේ ගල්මුරුව ග්‍රාමීය බැංකුවේ තැන්පත්
කර තිබූ ස්ථාවර තැන්පතුවලින් රුපියල් හතළිස් දෙලක්‍ෂ පහළොස්දහසක මුදලක්
වංචනිකව සොරාගෙන කට්ටි පනිමින් සිටි එම බැංකුවේ හිටපු කළමනාකරු (6දා)
රාත්‍රි හලාවත කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින්
මාදම්පේ ඉස්සන් මැ¾ඩිල්ලේ නිවෙසක සැඟවී සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

ස්ථාවර තැන්පතු හිමියන් ණය ලබාගත් බවට ව්‍යාජ ලේඛන සකසා තමන් සමඟ සේවය කරන සෙසු සේවිකාවන්ගේ ඇස් වසා මෙම මුදල පිල්ලි ගසා ඇත.
සී/ස මාදම්පේ විවිධ සේවා සමුපකාර සමිතියේ සාමාන්‍යාධිකාරිවරයා සිද්ධිය පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව නිවෙසින් අතුරුදන්ව සිටි සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
සී/ස මාදම්පේ විවිධ සේවා සමුපකාර සමිතියේ සාමාන්‍යාධිකාරිවරයා සිද්ධිය පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව නිවෙසින් අතුරුදන්ව සිටි සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
හලාවත කොට්ඨාස විශේෂ අපරාධ නඩු මෙහෙයුම් ඒකකය පරීක්‍ෂණ සිදුකරයි.
හලාවත - ඔස්ටින් ප්‍රැන්සිස්
0 comments:
Post a Comment