එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති
ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා පදිංචිව සිටින නුගේගොඩ නාවල විජයබා මාවතේ
පිහිටි නිවසට එල්ලවූ වෙඩි ප්‍රහාර සම්බන්ධයෙන් පොලිසිය 19 දෙනෙකුගෙන් කටඋත්තර
ලබාගෙන ඇත.

ඉකුත් 19 වැනිදා මධ්‍යම රාත්‍රියේ දී විජයදාස රාජපක්ෂ මහතාගේ නිවෙසට එල්ල වූ බව
කියන වෙඩි ප්‍රහාරය සඳහා උපයෝගි කරගත් ගිනි අවිවල හිස් පතරොම් කොපු දෙකක් එදින (20)
උදෑසන නිවස අවට පරීක්ෂා කිරීමේ දී සොයාගෙන තිබේ.
මේ සිද්ධිය 19 වැනිදා මධ්‍යම රාත්‍රිය පසු වී මිනිත්තු 20 ක් ගතවූ 12.20 ට පමණ
සිදුවී ඇතැයි ද රතිඤ්ඤා පුපුරන ශබ්දයෙන් පසු මෝටර් රථයක ශබ්දය ඇසුණ බව ද රාජපක්ෂ
මහතාගේ පුත් කසුන් රාජපක්ෂ මහතා පවසා තිබේ.
මේ සිද්ධිය සැලවීමෙන් පසු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හා විපක්ෂ නායක රනිල්
වික්‍රමසිංහ මහතා ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිප දෙනකු ද විජේදාස රාජපක්ෂ මහතාගේ
නිවෙසට ගොස් තොරතුරු විමසා ඇත.
මේ පිළිබඳව විශේෂ පරීක්ෂණයක් පවත්වන්නැයි ජනාධිපතිතුමා පොලිසියට උපදෙස් දී තිබේ.
0 comments:
Post a Comment