Photobucket

Monday, December 3, 2012

අධිකරණ ක්‍රියාමාර්ගය ව්‍යවස්ථානුකූලයි - ශ්‍රේෂ්ඨාධිකරණය

පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝණය වන ආකාරයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාවයක් අධිකරණයට නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය පවසයි.

අගවිනිසුරුවරියට එරෙහිව ඉදිරිපත් කොට තිබෙන දෝෂාභියෝග චෝදනා අභියෝගයට ලක් කරමින් ගොනුකොට ඇති පෙත්සම් කැඳවූ අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ ඉහලම අධිකරණය ඒ බව පැවසුවේ දෝෂාභියෝගය විභාග කරන තේරීම්කාරක සභාව සම්බන්ධයෙන් අධිකරණය ලබා දුන් නියෝග බල රහිත බව කථානායක චමල් රාජපක්‍ෂ ඊයේ කළ ප්‍රකාශය පිළිබඳව ප්‍රතිචාරය පළ කරමින්.
සබැඳි යොමු

එම පෙත්සම කැඳවා තිබුනේ ගාමිණී අමරතුංග සහ කේ ශ්‍රීපවන් විනිසුරුවරු දෙදෙනා හමුවේ.

පෙත්සම් කැඳවූ අවස්ථාවේ අධිකරණයේ ලේඛකාධිකාරිවරයා වාර්තා කොට තිබුනේ පෙත්සමේ වගඋත්තරකරුවන් වන කථානායක සහ තේරීම් කාරක සභාවේ සාමාජිකයන්ට නිකුත් කළ නොතීසි භාරදී තිබෙන බවයි.

කෙසේ නමුත් වගඋත්තරකරුවන් හෝ ඔවුන්ගේ නීතිවේදියෝ අධිකරණය හමුවේ පෙනී නොසිටි බැවින් කරුණු ඉදිරිපත් කිරීම සඳහා දෙසැම්බර් 13 වැනිදා දක්වා කල් ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණය, තමන් සැමවිටම කටයුතු කොට තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව බවද සඳහන් කළේය.

මේ අතර දෝෂාභියෝග චෝදනා ලබා සිටින අග්‍රවිනිශ්චයකාර ශිරාණි බණ්ඩාරනායකට පදවියෙන් ඉල්ලා අස්වන මෙන් බලකරමින් දහසකට අධික ත්‍රීරෝද රථ හිමියෝ කොළඹ උපරිමාධිකරණය ඉදිරිපස විරෝධතාවයක යෙදී සිටියහ.

'විදේශීය කුමන්ත්‍රණකරුවන්ගේ' අතකොලුවක් බවට පත්වී සිටින බවට ඔවුහු අගවිනිසුරුවරියට චෝදනා කළහ.

බීබීසී වෙබ් අඩවිය  ඇසුරින් පලකරන ලදී. 


Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all