Photobucket

Tuesday, December 4, 2012

මිල්ලනිය පාතකඩ අරඹගොඩ පාලමේ ගමන අවදානම්

මිල්ලනියේ, පාතකඩ, අරඹගොඩ පාලමේ ගමන ඉතා අවදානම් බව ජනතාව පවසති. පාලමේ ආධාරක කණු හා දෙපස ඇඳි දිරාපත්ව ඇති මෙම පාලමේ යකඩ තහඩු මතින් ගමන් කිරීමට සිදුව ඇති නිසා වැසි දිනවලට දිය සෙවල බැඳී ලිස්සා යන බැවින් ඉතා අනතුරුදායකව පවතී.

 වසර 200ක් පමණ පැරණි මෙම පාලම ඉදිකිරීමෙන් අනතුරුව ප්‍රතිසංස්කරණයක් සිදුකර නොමැති අතර කළු ගඟේ අතු ගංගාවක්ව ගලා එන විලා ගඟේ අතුරු ඇළ මාර්ගය වන අරඹගොඩ ඇළ හරහා වැටී ඇත. අඩි 70ක් පමණ දිග අඩි 6 ක් පමණ පළල මෙම පාලම දෙපස යකඩ ‘බාර්’ යුගළ 7ක් ආධාරයෙන් ඇතත් ඒවා දැනට මල බැඳී දිරාපත්ව තිබේ. 

දයානන්ද සිල්වා මහතා (55) මේ පාර දෙල්දොර , යටවර, තලපිටිය බේගමුවට යන්න තියෙන පාර පාලම අබලන් වෙලා බොහොම කල් මළගෙයක් වුණාට මිනිය කරේ තියාගෙන යන්නෙ බොහොම අමාරුවෙන්. තහඩු ලිස්සන හින්ද ගමන අමාරුයි.

එච්.ජයතිස්ස (44) මහතා පාතකඩ ඉස්කෝලෙට දහම් පාසලට ළමයි යන්නෙ හරිම බයෙන්. අම්මලාට ඉවරයක් නෑ උදේ හවස පාලමෙන් එගොඩ මෙගොඩ කරන්න ඕන හින්ද.

එච්.ප්‍රේමතිලක මහතා (57) ගල්පාත පංසල ළ¼ඟට අත ළඟයි මේ පාරෙන්. ගංවතුර කාලෙට මේ පාරවල් සේරම යට වෙනව. එතකොට ප්‍රයෝජනයට ගන්නෙත් අරඹගොඩ පාර තමයි. දැන් කීප දෙනෙක් ලිස්සල වැටුණ මෙතනින්.

හල්තොට සමූහ විනීතා මානෙල් ගමගේ
දිනමිණ ඇසුරින් පලකරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all