Photobucket

Sunday, December 23, 2012

සාපෙළ ප්‍රශ්න පිටවීමේ කමිටු වාර්තාව ලබන සතියේ

සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යාව ෂ ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර පෞද්ගලික උපකාරක පංතිවල සාකච්ඡා කිරීමේ සිද්ධිය පිළිබඳ විමර්ශනය කිරීම සඳහා විභාග දෙපාර්තමේන්තුව පත් කළ කමිටුවේ වාර්තා ඉදිරි සතිය ඇතුළත නිකුත් කිරීමට නියමිතය.

විභාග කොමසාරිස්‌ ජනරාල් ඩබ්ලිව්. එම්. එන්. ඡේ. පුෂ්පකුමාර මහතා විසින් පත් කරන ලද පස්‌ පුද්ගල කමිටුව සිද්ධිය පිළිබඳව විමර්ශනය කරමින් සිටින අතර විභාග කොමසාරිස්‌ ජනරාල්වරයාගේ දැනුම්දීම මත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවද ඒ පිළිබඳ පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

විභාග දෙපාර්තමේන්තුවේ රහස්‍ය පරිගණක අංශයේ නිලධාරීන් තිදෙනකු මේ වනවිට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රශ්න කර ඇත.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all