කුරුණෑගල අධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී පොලිස්
නිලධාරියකුට පහර දීමට තැත් කළ පුතකු සහ ඔහුට අනුබල දුන් පියකු රුපියල්
ලක්‍ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් සහ රුපියල් පහළොස් දහස බැගින් වූ මුදල්
ඇප දෙකක් මත මුදාහරින ලෙස කුරුණෑගල ප්‍රධාන මහෙස්ත්‍රාත් කාවින්ද්‍යා
නානායක්කාර මහත්මිය නියෝග කළාය.

කුරුණෑගල ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් සොරකමක්
සම්බන්ධ නඩුවකදී ගොකරැල්ල පොලිසියේ අධිකරණ කටයුතු බාර නිලධාරි, පොලිස්
සැරයන් ජී. ජී. සී. ජයතිස්ස (18527) මහතා විසින් මෙම නඩුවේ පළමු විත්තිකරුට
එරෙහිව අධිකරණයේදී කරුණු දැක්වීම පිළිබඳව උරණ වීම නිසා 2012 නොවැම්බර් 15
වැනිදා පළමු විත්තිකරු විසින් කුරුණෑගල අධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී පොලිස්
සැරයන්වරයාට පහර දීමට උත්සාහ කර ඇත.
කුරුණෑගල - අජන්ත බණ්ඩාර රත්නායක
0 comments:
Post a Comment