Photobucket

Saturday, December 29, 2012

එස්.එස්.සී. බ්ලූම්ෆීල්ඩ්ට පරදියි

ප්‍රමුඛ පෙළ සීමිත පන්දුවාර අන්තර් ක්‍රීඩා සමාජ ක්‍රිකට් තරගාවලියේ  (27) ‘බි’ කාණ්ඩයේ මතෛක් පෙරමුණේ සිටි එස්.එස්.සී. පිල ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට බ්ලූම්ෆීල්ඩ් පිල හමුවේ පරාජයට පත්වීම නිසා එස්.එස්.සී. ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත්විය. 

මෙවර තරගවාරයේ තම දෙවැනි ශතකය රැස් කිරීමට එන්.සී.සී. පි‍ලේ යොවුන් වමත් ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල සමත්විය. තරගවාරයේ හත් වැනි තරග වටයේදී ටැමිල් යූනියන් පිලට එරෙහිව  (27) පී. සරා පිටියේදී නිරෝෂන් දික්වැල්ල පන්දු 149කදී හතරේ පහර 19ක් සමගින් ලකුණු 140ක් රැස් කළේය. කෝල්ට්ස් පිල හත් වැනි තරග වටයේදීද තම අපරාජිත බව රැකගනිමින් ඊයේ පැවැති තරගයේදී මුවර්ස් පිල පැරදවූ අතර, ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ලංකන්ස් ක්‍රීඩා සමාජය, රාගම ක්‍රිකට් සමාජය හා එන්.සී.සී. පිල  (27) පැවැති තරගවලදී ජය ලැබූහ.

පැවැති තරගවලදී මලින්ද
පුෂ්පකුමාර (මුවර්ස්), සචිත් පතිරණ (චිලව් මේරියන්ස්), විශ්ව ප්‍රනාන්දු (බ්ලූම්ෆීල්ඩ්) යන ක්‍රීඩකයින්  පන්දුවෙන් දස්කම් දැක්වූහ.

බි.ආර්.සී. - යුද හමුදාව
බි.ආර්.සී.- 112 (පන්දුවාර 40.1) හෂාන් ගුණතිලක 23, ඇන්ඩි සොලමන්ස් 21, සීක්කුගේ ප්‍රසන්න 4/31, රොෂාන් ජයතිස්ස 2/11, අජන්ත මෙන්ඩිස් 2/26
යුද හමුදාව- 113/8 (පන්දුවාර 37.2) අජන්ත මෙන්ඩිස් 26 නොදැවී, රිශාන් කාවිංග 20, නිමේෂ් පෙරේරා 3/17,  මාලන් මධුසංක 2/38

ශ්‍රී ලංකා යුද හමුදා පිලට කඩුලු 2ක ජයක්.
චිලව් මේරියන්ස් - ලංකන්ස් ක්‍රී.ස.
ලංකන්ස් ක්‍රී.ස.-  181/9 (පන්දුවාර 50) ඩිල්හාන් කුරේ 61 නොදැවී, අමිල අ‍පෝන්සු 36, සචිත් පතිරණ 5/20,  රුක්ෂාන් ක්‍රිෂාන්ත 2/30
චිලව් මේරියන්ස්- 117 (පන්දුවාර 35) සමන්ත ප්‍රනාන්දු 26, අසේල ජයසිංහ 24, සචිත්‍ර පෙරේරා 4/19, රජීව වීරසිංහ 4/27
ලංකන්ස් ක්‍රීඩා සමාජයට ලකුණු 64ක් ජයක්.
සී.සී.සී.-ශ්‍රී ලංකා වරාය අධිකාරිය
සී.සී.සී.- 132 (පන්දුවාර 29.1) රෝයි සිල්වා 42, ගිහාන් රූපසිංහ 20, චානක කොමසාරු 3/14, රනේෂ් පෙරේරා 2/18
ශ්‍රී ලංකා වරාය අධිකාරිය- 71/3 (පන්දුවාර 14.1) යොහාන් ද සිල්වා 38 නොදැවී
තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.   
                                                                                                           
කෝල්ට්ස් - මුවර්ස්
කොල්ට්ස් - 208 (පන්දුවාර 49.5) කුසල් ජනිත් පෙරේරා 94, මලින්ද වර්ණපුර 41, මලින්ද පුෂ්පකුමාර 5/32, දිල්හාර ලොකුහෙට්ටිගේ 2/24, ජනක ගුණරත්න 2/35
මුවර්ස්- 124/7 (පන්දුවාර 33) ඉන්දික ද සේරම් 67, ඉෂාන් ජයරත්න 3/31
කෝල්ට්ස් ක්‍රිකට් සමාජ පිලට ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට ලකුණු 41ක ජයක්.
සැරසන්ස් - පානදුර

පානදුර- 160 (පන්දුවාර 44.3) චන්දන අරවින්ද 55, දුෂාන් විමලසේකර 21, චාමර සිල්වා 20, රාජ්කුමාර් රාතික 2/19, සුරේන් සිල්වා 2/22, සමිත් දුෂාන්ත 2/27
සැරසන්ස්- 65/3 (පන්දුවාර 19.3) රාජ්කුමාර් රාධික 22, අමිල පෙරේරා 2/7
තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.
රාගම ක්‍රී.ස. - ගාල්ල ක්‍රී්‍ර.ස.

ගාලු ක්‍රි.ස.- 200/8 (පන්දුවාර 50) ලෙවන් මොෂින් 45, ඉමේෂ් උදයංග 42 නොදැවී, අනිල් රිදීගම්මනගෙදර 23, මධුර ලක්මාල් 2/32, කෞශල්‍ය වීරරත්න 2/48
රාගම ක්‍රී.ස.-  151/4 (පන්දුවාර 39.5) ළහිරු තිරිමාන්න 60 නොදැවී, ධනංජය ද සිල්වා 39, ශාලික කරුණානායක 22 නොදැවී, ඉමේෂ් උදයංග 2/21
රාගම ක්‍රිකට් සමාජ පිලට ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට ලකුණු 12ක ජයක්.
එස්.එස්.සී. - බ්ලූම්ෆීල්ඩ්

එස්.එස්.සී.: 241/9 (පන්දුවාර 50) කෞශාල් සිල්වා 61, තිලිණ කණ්ඩම්බි 53, කෞශාල් ලොකුආරච්චි 27, සචිත්‍ර සේනානායක 22, විශ්ව ප්‍රනාන්දු 4/03, උපුල් ඉන්ද්‍රසිරි 2/36
බ්ලූම්ෆීල්ඩ්- 124/2 (පන්දුවාර 31) ප්‍රිමෝෂ් පෙරේරා 61 නොදැවී, නදීර නාවෙල 45 නොදැවී
බ්ලූම්ෆීල්ඩ්  ක්‍රීඩා සමාජ පිලට ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට ලකුණු 10ක ජයක්.
ගුවන් හමුදාව - නාවික හමුදාව
නාවික හමුදාව- 147 (පන්දුවාර 48.2) දුලීක තිස්සකුට්ටිගේ 38, ධනුෂ්ක ගුරුසිංහ 21, පිෂාන් හේවගේ 3/16, අකිල ඉෂාංක 3/31, ටී. නදීර 2/25, ළසඳ රුක්මාල් 2/26
ගුවන් හමුදාව- 93/7 (පන්දුවාර 38.3) අජිත් කුමාර 34 නොදැවී, අචිර එරංග 22, දුලංජන මෙන්ඩිස් 3/17, නිශාන්ත වීරක්කොඩි 2/12

නාවික හමුදා පිලට ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට ලකුණු 26ක ජයක්.
එන්.සී.සී. - ටැමිල් යූනියන්
එන්.සී.සී. - 286/9 (පන්දුවාර 50) නිරෝෂන් දික්වැල්ල 140, චාමර කපුගෙදර 59, ජෙහාන් මුබාරක් 31, සචිත්‍ර සේරසිංහ 2/38, සුරංග ලක්මාල් 2/52
ටැමිල් යූනියන්- 116/6 (පන්දුවාර 28.2) මහේල උඩවත්ත 42, ළහිරු මධුසංක 3/16, ෂොහාන් බොරළැස්ස 2/10                                                                                            එන්.සී.සී. පිලට ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට ලකුණු 84ක ජයක්.  

කුරුණෑගල යූත්  සහ බදුරලිය අතර තරගය අයහපත් කාලගුණ තත්ත්වය නිසාවෙන් ජය පැරදුමෙන් තොරව අවසන් විය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all