Photobucket

Saturday, December 29, 2012

ඩිමෝ බට්ටා මහරගමදී මරුවෙක් වේ

නාවින්නේ දී (27) සිදු වූ රිය අනතුරකින් මවක් සහ දියණියක් මිය ගියහ. මහරගම සිට කොළඹ දෙසට ධාවනය වූ වාහනය (ඩිමෝ බට්ටා) තුළ පියා, මව, දුව සහ පුතා සිටි අතර නාවින්න මංසන්දියට නුදුරුව Ceylon Automobile ආයතනය ඉදිරිපිට ඇති ලයිට් කණුවක වැදී ඇත. ලයිටි කණුව කැඩී බිම වැටී ඇති අතර වැදුණ වේගයට රථය පැමිණි දෙසටම ආපසු හැරී ඇත. 

අනතුර වූ ස්ථානය අසලම ඇති Toyota ආයතනයේ ප්‍රධාන ආරක්ෂක නිලධාරි මනෝජ් ඉන්දික මෙසේ කීය “ රෑ විශාල සද්දයක් ආවා. අපි පාරට දුවගෙන ගියා. ලයිට් කණුවක් කඩාගෙන වාහනයක් හැප්පිලා තිබුණා. අම්මයි දුවයි ලේ පෙරාගෙන හිටියෙ. අපි හිරවෙලා හිටි අය අරන් ත්‍රීවිල් කට්ටිය එකතුවෙලා කළුබෝවිල රෝහලට යැව්වා. “ අධික වේගයෙන් ආ රථය පාලනය කරගත නොහැකිව මෙම අනතුර සිදුවූ බවත් අනතුරින් ඩිලිනි සාගරිකා (25)සහ සඳුනි ප්‍රියන්ගිකා(05) මිය ගිය බවත් පියාට සහ පුතාට තුවාල සිදුවී ඇති බවත් මහරගම පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධව මහරගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all