Photobucket

Tuesday, December 4, 2012

එජාප නායකත්වයට පත් රනිල්ට ජනපතිගෙන් උණුසුම් සුබපැතුම්

වසර හයක කාලයක් සඳහා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සුබපැතුම් පිරිනැමුවේය.

 නවීකරණය කළ මග නැම යාන්ත්‍රික වැඩපොළ හා යන්ත්‍රෝපකරණ පුහුණු පාසල විවෘත කිරීම නිමිත්තෙන් මහනුවර කුණ්ඩසාලේ පැවැති උත්සවයකදී ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා මේ බව කීවේය.
 වත්මන් රජයේ යෝධ සංවර්ධන ව්‍යාපෘති විකුණාගෙන කෑමට ආණ්ඩුවක් ලබාගැනීමේ අරමුණින් ඇතැමුන් නොයෙක් කුමන්ත්‍රණ ක්‍රියාත්මක කරන බවත් ජනතා විශ්වාසය දිනා සිටින මේ ආණ්ඩුව පන්නන්න මාන බලන උදවියට සිදුවන්නේ පුළුන් ගෙඩිය ඉදෙන තුරු බලා සිටි ගිරවාට සිදුවූ දෙය බවත් පැවසීය.

සමහරුන්ට රටේ කෙරෙන සංවර්ධනය ඇහැට කටු අනින්නා මෙන් බවත් පදනමක් නොමැති විවේචන අතහැර අනාගත පරපුර වෙනුවෙන් කරන්නාවූ මේ සංවර්ධන ක්‍රියාවලියට දායකවන ලෙස තමන් සැමට ආරාධනා කරන බවත් ජනපතිවරයා කීය.

රටකට හොඳ විපක්‍ෂයක් තිබිය යුතු බවත් එජාප සම්මේලනයේදී යම් සුබවාදී වෙනසක් සිදුවනු ඇතැයි රටම බලා සිටි බවත් කී ජනාධිපතිවරයා පැටියෙක් බිහිකරතැයි බලා සිටි අලියා අවසානයේ පැටියෙක් වෙනුවට දැම්මේ අලි බෙටි බවත් කීවේය.

අසේල කුරුළුවංශ හා ඉන්දික පොල්කොටුව
දිනමිණ ඇසුරින් පලකරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all