රත්නපුර
පළාතේ විහාරස්ථානයක නායක හිමි නමක් විසින් සිදුකළ පහර දීමක් හේතුවෙන්
තුවාල ලැබූ එහි වැඩ සිටි සාමනේර හිමිවරුන් හය නමක් ඊයේ (04) සවස රත්නපුර මහ රෝහලට ඇතුළත් කර තිබේ. උන්වහන්සේලා රෝහලේ භික්ෂු වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටිති. මේ පිළිබඳ පරීක්ෂණ පවත්වන රත්නපුර මූලස්ථාන පොලිසිය නායක හිමියන්ගෙන් කළ විමසීකදී උන්වහන්සේ පවසා ඇත්තේ කුඩා සාමනේර හිමිවරුන් දඟ කරන බැවින් ඔවුන් පාලනය කිරීම සඳහා දඬුවම් ලබා දුන් බවයි. රත්නපුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
බුද්ධික රත්න කුමාර (රත්නපුර)








0 comments:
Post a Comment