ලක්ෂ 41 ක් වන පාසල් ශිෂ්‍යයන්ට 2013 වසරට පෙළපොත් බෙදාදීමේ ජාතික උත්සවය මේ මස 06
වැනිදා පෙරවරු 9 ට මහනුවර ධර්මරාජ විද්‍යාලයේ දී පැවැත්වෙයි.

අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මේ උත්සවයට
අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය විජිත් විජයමුණි, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි
කොබ්බෑකඩුව, මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක, අධ්‍යාපන අධීක්ෂණ මන්ත්‍රී මොහාන්
ලාල් ග්‍රේරෝ, අධ්‍යාපන ලේකම් ගෝඨාභය ජයරත්න යන මහත්වරු ද සහභාගි වෙති.
සිළුමිණ ඇසුරින් පල කරන ලදී.
0 comments:
Post a Comment