Photobucket

Friday, December 7, 2012

රට පැටවීමට ගිය ගැබ්බර පොකිරිස්සන් 500ක් අත්අඩංගුවට

වියට්නාමයට සහ හොංකොන් බලා අනවසරයෙන් යැවීමට සූදානම් කර තිබූ පොකිරිස්සන් 500ක් රේගු ජෛව විවිධත්ව ඒකකය විසින් ඊයේ (6) අත්අඩංගුවට ගෙන තිබේ.

මේවා මෙරටින් පිටරටට යැවීම සිදුකළ සමාගමට රේගුව විසින් රුපියල් හාරලක්ෂ පනස්දහසක දඩයක් නියම කළ බව ශ්‍රී ලංකා රේගුවේ ජෛව විවිධත්ව අංශයේ ප්‍රධානි සහකාර රේගු අධ්‍යක්ෂක සමන්ත ගුණසේකර මහතා ‘දිනමිණ’ට පැවසීය.

බිත්තර සහිත පොකිරිස්සන් පිටරටට අපනයනය කිරීම තහනම් වන අතර මෙරටින් පිටරටට පොකිරිස්සන් යැවීමේ දී අනුගමනය කළ යුතු නීති රැසක් මෙම සමාගම විසින් කඩ කිරීම නිසා ඉස්සන් තොගය රේගුව විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

භක්ති ධර්මප්‍රි‍ය මෙන්ඩිස්
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all