Photobucket

Saturday, December 8, 2012

වසර 30 ක්‌ තිස්‌සේ ඉඩම් නඩුවට ගිය කත උසාවියේදීම මියයයි

ඉඩම් නඩුවකට වසර 30 ක පමණ කාලයක්‌ උසාවි ගිය වයෝවෘද්ධ කාන්තාවක්‌ ඊයේ ඇයගේ නඩුව විභාගයට ගැනීමට නියමිතව තිබූ උසාවිය තුළම හදිසි හෘදයාබාධයකින් මියගියාය.

සිය සැමියා සමඟ උසාවිය තුළ අසුන් ගෙන සිටියදී සිහිසුන්වූ ඇය වහාම කොළඹ අලුත්කඩේ උපරිමාධිකරණයෙ වාහනයෙන් කොළඹ මහ රෝහලට ගෙන ගියත් ඒ වන විට ඇය මියගොස්‌ තිබිණි. 63 හැවිරිදි කේ. එම්. භද්‍රdවතී නමැති ඇය මැදවත්ත මෙනේරපිටිය පරකඩුව පදිංචිකාරියකි. සැමියා ඩී. දයාතිලක ප්‍රනාන්දු විශ්‍රාම ලැබූ හමුදා නිලධාරියෙකි.

අවිස්‌සාවේල්ල දිසා අධිකරණය හමුවේ මුලින්ම විභාග කළ නඩුව වසර 17 කට පසුව මේ යුවළගේ වාසියට තීන්දු වී ඇති නමුත් අනෙක්‌ පාර්ශ්වය නඩු තීන්දුවට එරෙහිව ඉහළ අධිකරණයට අභියාචනයක්‌ (ඇපෑලක්‌) ගොනු කර ඇත.

අනතුරුව ඇපෑල ගොනු කිරීම සඳහා අදාළ නඩුගොනුව 2000 වසරේදී අවිස්‌සාවේල්ල උසාවියෙන් කොළඹ අභියාචනාධිකරණයට එවා ඇත. විවිධ හේතූන් උඩ ඊයේ වන විට වසර 12 ක්‌ අභියාචනාධිකරණය හමුවේ කල් ගොස්‌ ඇත.

සරත් ධර්මසේන
දිවයින ඇසුරින් පලකරන ලදී. 
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all