Photobucket

Thursday, December 27, 2012

ගජමුතු 3ක් ලක්ෂ 3කට විකුණද්දී සැකකරුවන් දැලේ

නිධානයකින් ලැබුණු බව කියන ගජමුතු 03 ක් හොරොව්පතාන නගරයේ රන් ආභරණ වෙළෙද ව්‍යාපාරිකයෙකුට රුපියල් තුන් ලක්‍ෂයකට අලෙවි කිරීමට උත්සාහ කළ සැකකරුවන් දෙදෙනෙකු හොරොව්පතාන පොලීසිය මගින් 25 දා රාත්‍රීයේ අත්අඩංගුවට ගෙන ඇත. 

පොලීසියට ලැබුණු තොරතුරකට අනුව එක් සැකකරුවෙකු ව්‍යාපාරිකයාට ගජමුතු අලෙවි කිරීම සදහා පෙන්වද්දීත් අනෙක් සැකකරු හොරොව්පතාන අක්කර 100 හන්දිය අසල සිටියදිත් අත්අඩංගුවට ගෙන ඇත. ඔහු ළඟ ගජමුතු 02 ක් සහ ව්‍යාපාරිකයාට පෙන්වීම සදහා ගජමුතු රැගෙන ආ පුද්ගලයා ළග ගජමුතු 01 තිබු බවද පොලීසිය පවසයි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all