- මයිකල් ක්ලාක්ගෙන් විශිෂ්ට ශතකයක්
- චානක වෙලගෙදර ආබාධයකට ලක්වෙයි
ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර මෙල්බර්න්
හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (27) සිය
මුල් ඉනිම වෙනුවෙන් කඩුලු 8ට ලකුණු 440ක් රැස් කළ ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකා
මුල් ඉනිමට වඩා ලකුණු 284ක් ඉදිරියෙන් විය.
ඊයේ පෙරවරුවේ නායක ක්ලාක් සහ ෂේන් වොට්සන් සිවුවන කඩුල්ල වෙනුවෙන් ලකුණු
194ක විශිෂ්ට සම්බන්ධතාවයක් තබමින් ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු සුන්කර
දැමූහ.
විශිෂ්ට ඉනිමක නිරත වූ මයිකල් ක්ලාක් මෙල්බර්න් පිටියේ ප්‍රථම ශතකය
වාර්තා කරමින් පන්දු 187කදී හතරේ පහර 17ක් සහිතව ලකුණු 106ක් වාර්තා කිරීමට
සමත් විය. වසරක් තුළ ටෙස්ට් තරගවලදී වැඩිම ලකුණු ලැබූ ක්‍රීඩකයා බවට පත්
වූ ක්ලාක් රිකී පොන්ටින් විසින් 2005 වසරේ තරග 15කදී ලකුණු 1544ක් ලබා තබා
තිබූ වාර්තාව බිඳ දමමින් ක්ලාක් තරග 11කදී මේ වන විට ලකුණු 1595ක් ලබා
සිටියි. ක්ලාක් සහ වොට්සන්ගේ සම්බන්ධතාවය බිඳ දැමීමට දෙවැනි නව පන්දුවෙන්
ෂමින්ද එරංග සමත් වූ අතර, ධම්මික ප්‍රසාද් ක්‍රියාත්මක වීමෙන් ෂේන්
වොට්සන්ට ශතකය අහිමි විය. පන්දු 198ක් තුළ හතරේ පහර 8ක් සහ එක් හයේ පහරක්
සහිතව ලකුණු 83ක් ලබා ගැනීමට වොට්සන් සමත් විය.
ඉන් පසු ඕස්ට්‍රේලියාවේ
තවත් කඩුලු 2ක් බිඳ වැටුණද විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ මිචෙල් ජොන්සන් පන්දු
133කදී හතරේ පහර 6ක් සහිතව නොදැවී ලකුණු 73ක් ලබා කඩුල්‍ලේ රැඳී සිටියි.
ලකුණු 34ක් ලබා සිටි මයිකල් හසී පිටියෙන් ඉවත් කිරීමට රංගන හේරත් විශිෂ්ට
ගණයේ උඩපන්දුවක් රැක ගැනීම කැපී පෙනුණි. දිනය අවසන්වීමට තිබියදී පීටර්
සිඩ්ලි පිටියෙන් ඉවත් කිරීමට ෂමින්ද එරංග සමත් වූ අතර, නේතන් ලයන් ජොන්සන්
සමග නොදැවී කඩුල්‍ලේ රැඳී සිටියි. දිනයේදී ආබාධයකට ලක්වීම හේතුවෙන්
චානක වෙලගෙදර පිටියෙන් ඉවත් වූ අතර, ඔහුට මෙම තරගයේදී යළිත් පන්දු යැවීමට
නොහැකි බව වාර්තා වෙයි. පන්දුවෙන් දස්කම් දැක්වූ ධම්මික ප්‍රසාද් ලකුණු
102ට කඩුලු 3ක් බිඳ හෙලූ අතර, ෂමින්ද එරංග ලකුණු 106ට කඩුලු 2ක් ලබා
ගත්තේය. අද තරගයේ තෙවැනි දිනයයි.
0 comments:
Post a Comment