අනුරාධපුර දිස්ත්‍රික්කයේ සුළු හා මධ්‍යම පරිමාණයේ වැව් එකසිය හතරක්
ආපදාවට ලක් වී ඇති අතර, ඉන් වැව් තිස්හයක් පූර්ණ වශයෙන් කැඩී ගොස් ඇත.
කැඩී ගිය වැව් වර්ෂාව අවසන් වූ වහාම වැලි කොට්ටා අතුරා, ජලය වැව් තුළ රඳවා ගැනීමට
කඩිනම් පියවර ගන්නා ලෙස උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍ය එස්. එම්. රංජිත්
සමරකෝන් මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දෙන ලදී.
වර්ෂාව අවසන් වූ විගස ආපදාවන්ට ලක් වූ වැව් එකසිය හතරම ප්‍රතිසංස්කරණය
කිරීම සඳහා ශඛ්‍යතා වාර්තා සකසන ලෙසත් අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙන බවත්
ප්‍රධාන අමාත්‍යවරයා පැවැසීය.
වැව් ප්‍රතිසංස්කරණ කටයුතු කොන්ත්‍රාත්කරුවන්ට ලබා නොදී පළාත් සභාව සතු
නිර්මාණ හා යන්ත්‍රෝපකරණ ඒජන්සිය මඟින් සිදුකිරීමට පියවර ගන්නා ලෙසත්
ප්‍රධාන අමාත්‍යවරයා තවදුරටත් අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.









0 comments:
Post a Comment