Photobucket

Sunday, November 18, 2012

රතු වැස්සට හේතුව ඒක සෛලික ජීවී විශේෂයක්

ප‍්‍රදේශ කිහිපයකට පතිත වූ රතු වැස්සට හේතුව ඒක ‍‍සෛලික ජීවී විශේෂයක් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
red rain
පසුගිය දින කිහිපයේදී සෙවණගල, මනම්පිටිය, හිඟුරක්ගොඩ සහ පදියතලාව යන ප‍්‍රදේශවලට රතුවැසි පතිත විය.

අදාළ ජල සාම්පල කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය විසින් පරීක්ෂාවට ලක්කර තිබේ.

ජල සාම්පලවල ක්ෂුද්‍ර ජීවි විද්‍යාත්මක පර්යේෂණ අනුව ජීවී ක‍්‍රියාවලියක් අනාවරණය වී ඇති අතර එම ක්ෂුද්‍ර ජීවීන් දිලීර හෝ ඇල්ගී විශේෂයක් විය හැකි බව අනුමාන කෙරේ.

වැඩිදුර පරීක්ෂණ සඳහා නැනෝ තාක්ෂණික ආයතන වෙත යොමු කිරීමෙන් අනතුරුව එම ජල සාම්පලවල සිටින ක්ෂුද්‍රජීවීන් විශේෂය ‘‘ටේ‍්‍රකොලිමොනාස්’’ නැමැති ඇල්ගී කාණ්ඩයට අයත් ඒක සෛලික ජීවී විශේෂයක් බව තහවුරු වූ බව වෛද්‍ය පර්යේෂණ ආයතනය සඳහන් කළේය.

මෙම ජීවීන් මහපොළොව තුළ බහුලවම දැකිය හැකි ඇල්ගී විශේෂයක් වන අතර එක වරකට කොළ පැහැයෙන් ද තවත් වරකට රතු පැහැයෙන්ද වර්ණ වෙනස් කරමින් ඔවුන් ජීවත් වන බව සඳහන්ය.

මේ සම්බන්ධයෙන් ජාන විද්‍යාත්මක කරුණු තහවුරු කර ගැනීම සඳහා ජීව විද්‍යාත්මක ඩී.එන්.ඒ. පරීක්ෂණයක් පැවැත්වීමට ද වෛද්‍ය පර්යේෂණ ආයතනය තීරණය කර තිබේ. 
 
gurugedaraඅද දෙරණ ඇසුරින් පල කරන ලදී.

Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all