Photobucket

Friday, November 23, 2012

4 ශ්‍රේණියේ ශිෂ්‍යයා කහ ඉරේදී බිලි

නාවලපිටිය අනුරුද්ධ කුමාර ජාතික පාසලේ 4 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යයෙක්‌ 22 දා පාසල නිම වී නගර සභා පුස්‌තකාලයට ගොස්‌ ආපසු නිවස බලා යැමට නගර සභාව ඉදිරිපිට ඇති කහ ඉර මතින් පාර මාරුවෙමින් සිටියදී මහියංගණයේ සිට හැටන් බලා ධාවනය වූ වැලි පැටවූ ටිපර් රථයකට යටවී මරුමුවට පත් විය.
මෙසේ මරණයට පත්වූයේ නාවලපිටිය ගොන්දෙන්නාව ප්‍රදේශයේ පදිංචි අශේන් පසිඳු කුමාර නමැති 9 හැවිරිදි දරුවෙකි. ඔහු තිදෙනකුගෙන් යුත් පවුලක බාලම දරුවාය.

ශිෂ්‍යයා බරපතළ තුවාල ලබා නාවලපිටිය දිස්‌ත්‍රික්‌ රෝහල වෙත රැගෙන ගිය පසු මරණයට පත්ව ඇත. අනතුරින් ඔහුගේ ඉණ ප්‍රදේශයට බරපතළ හානි සිදුව තිබිණි.

පාසල නිම වන අවස්‌ථාවේ නාවලපිටිය නගරයේ ඇති මෙම ප්‍රධාන කහ ඉර මතට රථවාහන හැසිරවීමට පොලිස්‌ නිලධාරියකු පත්කර නොතිබීම මෙම අනතුරට එක්‌ හේතුවක්‌ බව පවසා මියගිය අයගේ ඥතීන් මේ පිළිබඳව සොයා බලන ලෙස වගකිව යුතු නිලධාරීන්ට දන්වා සිටි අතර ඒ පිළිබඳව එම අවස්‌ථාවේම ගම්පොල වැඩබලන කොට්‌ඨාස භාර ස.පො. අධිකාරි චූලනි වීරරත්න මහතා පරීක්‍ෂණ අරඹා තිබේ.

ඒ අනුව ගම්පොල කොට්‌ඨාස අපරාධ හා මෙහෙයුම් භාර ස.පො.අ. නිමල් ධර්මප්‍රිය මහතා කළ පරීක්‍ෂණයෙන් තහවුරු වී ඇත්තේ පාසල නිම වන අවස්‌ථාවේ මෙම ස්‌ථානයේ සේවයට යොදවා සිටි පොලිස්‌ නිලධාරිනිය අසනීප හෙයින් එම ස්‌ථානයට නොගොස්‌ ඇති බවයි.

නමුත් මේ බව ඉහළ නිලධාරීන්ට නොදන්වා ඇති බවද තහවුරු වීම මත ඇයගේ සේවය අත්හිටුවීමට පියවර ගත් බව චූලනී වීරරත්න මහතා සඳහන් කළේය.

මියගිය දරුවා පාසලේ ඉතා දක්‍ෂයකු බව අනුරුද්ධ කුමාර ජාතික පාසලේ ප්‍රාථමික අංශ භාර සුසිල් වීරරත්න මහතා සඳහන් කළේය. පාසල් වැඩවලට අමතරව බාහිර දක්‍ෂතාද පෙන්වූ මෙම දරුවා මෙවර පැවැත්වූ කලාප විවාදයේදී පළමු වැනියා වූ බවද ඒ පිළිබඳව පාසලෙන් නගරය තුළ බැනර් දැමීමට පවා ක්‍රියා කළ බවද සඳහන් කළේය.

මියගිය ශිෂ්‍යයාගේ මහෙස්‌ත්‍රාත් පරීක්‍ෂණය නාවලපිටිය වැඩ බලන මහෙස්‌ත්‍රාත් මනෝහාරි ජයලත් මහත්මිය විසින් පවත්වනු ලදුව සාක්‍ෂි විමසීම ලබන මස 12 දාට කල් තැබීය.

පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වූ නාවලපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි ඒ. ජී. එම්. µයිසාල් මහතා රිය අනතුරක්‌ නිසා සිදුවූ බහුවිධ තුවාල, අස්‌ථි බිඳීම හා කම්පනය නිසා මෙම මරණය සිදුව ඇති බව සඳහන් කළේය.

ලොරි රථයේ රියෑදුරු ඊයේ (23 දා) නාවලපිටිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. නාවලපිටිය පොලිස්‌ ස්‌ථානාධිපති එම්. එම්. ආර්. විජිත කුමාර, උ.පො.ප. සුගත් විඡේසිංහ, උ.පො.ප. චJද්‍රසේන ඇතුළු නිලධාරීහු කණ්‌ඩායමක්‌ පරීක්‍ෂණ පැවැත්වූහ.

සුරංග දිල්හාන් - ගම්පොල
දිවයින ඇසුරින් පලකරන ලදී.
 
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all