Photobucket

Monday, October 29, 2012

ඩිම්බ මෝචනයක අවස්ථා පළමු වරට ඡායාරුප පෙළකින් .....

කාන්තාවකගේ ඩිම්බ මෝචනය පළමුවරට වඩාත් පැහැදිලි ඡායාරුප පෙළක සනිටුහන් කර ගැනීමට වෛද්‍යවරුන් පිරිසක් සමත්ව සිටිනවා.

Eggමේ දුලබ අවස්ථාව උදා වුයේ ශල්‍යකර්මයක් සිදුකරන අතරතුර අහම්බයකින් බවයි එම වෛද්‍යවරුන් පවසා ඇත්තේ. 

සරු කාන්තාවක් සෑම මසකම ඩිම්බ එකක් හෝ කිහිපයක් හෝ නිදහස් කරන නමුත් මෙතෙක් කලක් මේ සිදුවීම පැහැදිලිව ඡායාරුප ( සතුන්ගේ හැරුණු විට ) ලෝකය සතු වුයේ නැත. 
Egg
 


කාන්තාවකගේ ඩිම්බ නිපදවන්නේ ඩිම්බ කෝෂයේ පර්යන්තයේ ඇති සයුනික නම්, තරලය පිරුණු පැසක් වැනි ව්‍යුහය තුලය. ඩිම්බ මෝචනය සිදුවන කාලය පුරාවටම මෙය රතු පැහැ නෙරා ආ ව්‍යුහයක් ලෙස දිස් වෙනවා. 

ජෙලිමය ද්‍රව්‍යකින් වට වූ ඩිම්බය පිටතට එන්නේ මේ තුලිනි. 

Egg
 ඡයරුපයේ විශාලව දිස් වුවත් ඩිම්බයක සැබෑ ප්‍රමාණය මේ වාක්‍ය අවසාන ඇති නැවතීමේ තිත තරම් වූ කුඩා දෙයකි. 

ඡායාරුප පෙළෙහි සනිටුහන් ව ඇති ඩිම්බ මෝචනය සම්පුර්ණ වීමට විනාඩි 15 ක කාලයක් ගත වූ බවයි ලුවෙන්හි කතෝලික සරසවියේ වෛද්‍ය ජාක්ස් ඩොනෙස් මේ ඡායාරුප පෙළ කල සයන්ටිස්ට් සගරාවට පවසා ඇත්තේ .
Egg
ඩිම්බ මෝචනය ශ්නිකව විසි වීමක් ලෙස සිදු වන්නේය යනුවෙන් ඇතැම් වෛද්‍යවරුන් තුල තිබු අදහස මේ නිරීක්ෂණයෙන් සාවද්‍ය වන බව වැඩිදුරටත් පවසා තිබේ.


gurugedara
බි.බි සි .පුවත්පත් ඇසුරිනි 


Share on :

1 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all