Photobucket

Sunday, March 3, 2013

"පරිගණකයෙන් දත්ත විශ්ලේෂණයට SPSS කෘතිය ජනාධිපතිතුමාට පිළිගන්වයි

පරිගණක විද්‍යා ලේඛක ප්‍රියන්ත නවරත්න විසින් රචිත "පරිගණකයෙන් දත්ත විශ්ලේෂණයට SPSS කෘතිය පසුගියදා ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා වෙත අරලියගහ මන්දිරයේදී පිළිගන්වනු ලැබීය. SPSS නමැති පරිගණක මෘදුකාංගය භාවිත කොට දත්ත සමුදායක්‌ ඉතා පහසුවෙන් විශ්ලේෂණය කර ගන්නා අයුරු මුල සිට සරලව මෙම කෘතියෙහි විස්‌තර කර ඇත. දත්ත විශ්ලේෂණ කාර්යයට අලුතින් පිවිසෙන්නකුට වුවද පහසුවෙන් වටහා ගත හැකි පරිදි උදාහරණ සහිතව හා පියවරෙන් පියවර ප්‍රායෝගික අභ්‍යාස ඉදිරිපත් කර තිබීම මෙහි ඇති විශේෂත්වයයි.

ප්‍රියන්ත නවරත්න ගම්පහ බණ්‌ඩාරනායක විද්‍යාලයේ ආදි සිසුවෙකි. කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිය සමත් ඔහු නවීන තාක්‌ෂණය පිළිබඳ ආතර් සී ක්‌ලාක්‌ මධ්‍යස්‌ථානයෙන් පරිගණක ඉංජිනේරු විද්‍යාව හැදැරීය. දත්ත විශේෂණය පිළිබඳව ඔහු කොළඹ විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ අතර මෙය ඔහු විසින් පරිගණක විද්‍යාව ආශ්‍රිතව රචනා කළ සිව් වැනි කෘතියයි.
Share on :

1 comments:

Unknown said...

Me potha ganna puluwanda

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all