Photobucket

Friday, March 8, 2013

ඉන්දියාවේ මිලියන ගණනක් දරුණු නියඟයෙන් පීඩාවට

දසක 4කට වැඩි කාලයකට පසු බටහිර ඉන්දියාවේ ඇතිව තිබෙන දරුණුම නියඟයෙන් මිලියන ගණන් ජනතාවක් පීඩාවට පත්ව ඇති අතර ජල හිඟය උත්සන්න කිරීමෙහි ලා නිලධාරින්ගේ අකාර්යක්ෂමතාව හා දූෂණය ඉවහල් වී ඇතැයි විචාරකයෝ‍ දෝෂාරෝපණය කරති.

මුම්බායි අගනුවරට අයත් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මධ්‍ය කොටස් 1972 පැවැති දරුණුම නියඟයටත් වැඩි උග්‍ර තත්ත්වයකට මුහුණ දී ඇතැයි ප්‍රාන්ත මහ ඇමැති ප්‍රිතිවිරාජ් චාවන් පවසා ඇත.

"වාර්තාගත ඉතිහාසයේ මෙතරම් ජලාශ සිඳී ගිය අවස්ථාවක් දක්නට නැති අතර දිනක් පාසා ඒවා‍යේ ජලමට්ටම පහත බසිනවා "යැයි ඔහු කීවේ පිටපිට දෙවැනි වතාවකට ද මෝසම් වැස්ස නොලැබීම ගැන ‍චෝදනා කරමිනි. එහෙත් සෙස්සන් අසාර්ථක රාජ්‍ය ප්‍රතිපත්තිය ඊට වගකිව යුතු බව පවසා තිබේ.

පවත්නා තත්ත්වය යටතේ නියඟයට ගොදුරුවූවන්ට අවශ්‍ය ජලය සැපයීමට බවුසර් 2000ක් පමණ යොදාගෙන ඇති අතර ඒවාට දිනපතා විශාල දුරක් තරණය කිරීමට සිදුව තිබෙන බවත් පශු සම්පත රැකගැනීම සඳහා ගව කඳවුරු සිය ගණනක් පිහිටුවා ඇති බවත් චාවන් වැඩිදුරටත් පවසා තිබේ.

ගම්මාන දහසක පමණ ප්‍රමාණයක මිලියන ගණන් ජනතාව මේ නියඟයට ගොදුරුව ඇති අතර බොහෝදෙනකුට කර්මාන්තශාලා වසා දැමීමෙන් ජීවනෝපාය ද අහිමිව තිබේ. මේ අනුව උද්ගතව ඇත්තේ සාගත තත්ත්වයක් බව ප්‍රකාශිතය. සමහර තැනක ජල හිඟය නිසා රෝහල් පවා වැසී ‍ගොස් ඇත.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all