Photobucket

Sunday, March 3, 2013

ක්‍රිකට් සභාපති උපාලිගේ නාමයෝජනාවට අභියෝගයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තනතුරට නාමයෝජනා ලබාදුන් උපාලි ධර්මදාස මහතාට එරෙහිව උප භාණ්ඩාගාරික තනතුරට ඉදිරිපත්ව සිටින කුරුණෑගල දිස්ත්‍රික් සංගමයේ අර්වින් ජයවර්ධන මහතා විරුද්ධත්වය ප්‍රකාශ කොට ඇත.

ඔහු ලිපියක් මගින් දැනුම් දී ඇත්තේ ධර්මදාස මහතා පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා කොට නොමැති නිසා ඉදිරිපත් කළ නාමයෝජනාව වලංගු නොමැති බවයි. උපාලි ධර්මදාස මහතා ක්‍රීඩා ඇමැතිවරයාගේ අනුමැතිය ලබාගෙන නොමැති හෙයින් ඔහුගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප කිරීම හෝ පිළිගැනීම ලබන සදුදා තීරණය වනු ඇතැයි පැවසේ‍.

උපාලි ධර්මදාස මහතා ක්‍රිකට් සභාපති තනතුරට නාමයෝජනා ලබා නොදෙන බවට දිගින් දිගටම ප්‍රකාශ කළ ද අවසන් මොහොතේ ඉදිරිපත් විය. මේ අතර නිශාන්ත රණතුංග මහතා සමග ලේකම් ධුරයට තරග කිරීම සඳහා ඉදිරිපත්වු නිශාන්ත සිල්වා මහතාගේ නාමයෝජනාව ප්‍රතික්ෂේපවී ඇත. 

ඔහු නාමයෝජනා ලබාදී ඇත්තේ යෝජනාකරුවෙකු නොමැතිවයි. තමා ලේකම් ධුරයට තරගවදින බව පවසමින් ලියු ලිපියක් නාමයෝජනාව ලෙස බාරදුන්නද එය පිළිගත නොහැකි බවට තීරණය වී තිබේ. ඉදිරි දින කිහිපයේදී තිලංග සුමතිපාල මහතාට සහාය දැක්වීම පිණිස නාමයෝජනා බාරදුන් කිහිපදෙනෙකු ඉල්ලා අස්වීමේ සුදානමක් ඇතැයි ද වාර්තා වේ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all