Photobucket

Friday, March 8, 2013

වෑගල්ල කනිටු විදුහලේ 40 ක්‌ බඹර ප්‍රහාරයකින් රෝහලේ

බුලත්කොහුපිටිය වෑගල්ල කනිෂ්ඨ විදුහලේ සිසු දරුවන්ට සහ ගුරුවරුන්ට (06 වැනිදා) පෙරවරුවේ එල්ල වූ බඹර ප්‍රහාරයක්‌ හේතුවෙන් 40 දෙනකු කරවනැල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇත. මේ පිරිස අතර විදුහල්පතිවරයා ද, ගුරුවරියක ඇතුළු සිසු දරුවෝ ද වෙති.

විදුහල අසල තිබූ වත්තක බඹර වදයකට උකුස්‌සකු පහරදීමෙන් බඹරුන් ඇවිස්‌සී පාසලේ සිටි හා පාසලට එමින් සිටි සිසුන්ට හා ගුරුවරුන්ට ප්‍රහාර එල්ල කර ඇතැයි බුලත්කොහුපිටිය පොලිසිය පවසයි.

බඹර ප්‍රහාරයට ලක්‌වූ සිසු දරුවන්ගේ හා ගුරුවරුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

මෙම බඹර ප්‍රහාරයෙන් පසු පාසල ඊයේ දිනයේ වසා දැමීමට ද බලධාරීන් විසින් පියවර ගෙන තිබේ.

මේ පිළිබඳව බුලත්කොහුපිටිය පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක එන්. එම්. දිසානායක මහතාගේ උපදෙස්‌ මත වැඩිදුර පරීක්‍ෂණ සිදුකෙරේ.
 
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all