පසුගිය පළාත් පාලන මැතිවරණය දා කොටිකාවත්ත - මුල්ලේරියාව
ප්‍රදේශයේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන්
ප්‍රේමචන්ද්‍ර මහතා ප්‍රමුඛ සිව්දෙනකු වෙඩි තබා ඝාතනය
කිරීම සහ තවත් චෝදනා 10 කට විත්තිකරුවකු වන පාර්ලිමේන්තු
මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ලබන 14 දා තෙක් රක්‍ෂිත
බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් සඳුන් විතාන
මහතා ඊයේ (05 දා) නියෝග කළේය.
සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ කරුණු
දැක්‌වීමක් කෙරෙහි සැලකිලිමත් වෙමින් දුමින්ද සිල්වා මහතා
ප්‍රතිකාර ලබන පෞද්ගලික රෝහල වෙත ගොස් එසේ නියෝග කළ
මහෙස්‌ත්‍රාත්වරයා විත්තිකරුට අවශ්‍ය ආරක්‍ෂාව සපයන ලෙසට
බන්ධනාගාර අධිකාරිවරයාට නියම කළේය.
මෙම නඩුවේ චෝදනා ලැබ සිsටින අනෙක් විත්තිකරුවන් 13 දෙනාගේ රිමාන්ඩ් කාලය දීර්ඝ කිරීම සඳහා නඩුව ඊයේ කැඳවනු ලැබිණි. එහිදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක මෙරිල් රන්ජන් ළමාහේවා මහතා සමග එක්‌වූ සහකාර පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා වැඩිදුර වාර්තාවක් ගොනු කරමින් මෙම නඩුවේ චෝදනා ලැබ සිටින දුමින්ද සිල්වා ඊයේ (05 දා) අලුයම සිංගප්පූරුවේ සිට පැමිණ කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළුවී නේවාසික වෛද්‍ය ප්‍රතිකාර ලබන බවත් ඔහු සිටින රෝගී තත්ත්වය මත ප්‍රකාශ ලබා ගැනීම සුදුසු නොවන බවට හැඟී ගිය බැවින් මෙම නඩුවට අදාළව ප්‍රකාශ ලබා නොගත් බවත් දන්වා සිටියේය.
සිංගප්පූරු මවුන්ට් එළිසබෙත් රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය කීත් හෝ මහතා සහ ජාතික රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහේෂි විඡේරත්න මහත්මිය විත්තිකරුගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් නිකුත් කර ඇති වෛද්‍ය වාර්තා එහිදී පරීක්‍ෂණයට භාජනය කළ බවද දන්වා සිටි අබේසේකර මහතා විත්තිකරුට එරෙහි චෝදනා කියවාදී ඔහු අත්අඩංගුවට ගෙන පොලිස් ආරක්‍ෂාව යටතේ එම රෝහලේ ම රඳවා ඇති බැවින් විත්තිකරු නිරීක්‍ෂණය කර රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට ඉල්ලා සිටියේය.
එහිදී දුමින්ද සිල්වා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා කරුණු දක්‌වමින් තම සේවාදායකයාගේ හිස ආශ්‍රිතව ශල්‍යකර්ම කීපයක් සිදු කොට ඇති බැවින් ඔහු රෝහලින් පිටතට ගෙන නොයා යුතු බවට වෛද්‍යවරුන් උපදෙස් ලබාදී ඇති බවත් කීය. විත්තිකරු රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කිරීමේදී එම වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගන්නා ලෙසට ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අජිත් පතිරණ මහතා කරුණු දක්‌වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විත්තිකරුව අත්අඩංගුවට ගැනීම පිළිබඳ ස්‌තුතිවන්ත වෙන බවත් ඔහු නිරීක්‍ෂණය කර රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු කෙරෙහි සැලකිලිමත් වූ මහෙස්‌ත්‍රාත්වරයා දුමින්ද සිල්වා ප්‍රතිකාර ලබන පෞද්ගලික රෝහල වෙත ගොස් ඔහු නිරීක්‍ෂණය කොට ලබන 14 දා තෙක් රක්‍ෂිත බන්ධනාගාර ගත කර තබන ලෙසත් ඔහුට අවශ්‍ය ආරක්‍ෂාව සපයන ලෙසත් බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය.
2011 ක් වූ ඔක්‌තෝබර් මස 08 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී කොළොන්නාව, ගොතටුව, අංගොඩ හා සේදවත්ත යන ප්‍රදේශවලදී පුද්ගලයන්ට තුවාල සිදු කිරීම, සාපරාධී බලහත්කාරය පෑම හා කැරලි ගැසීම පොදු අරමුණ කරගත් නීති විරෝධී ජන රාශියක සාමාජිකයන් ලෙස කටයුතු කරමින් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර, දමිත දර්ශන ජයතිලක, ජලාබ්දීන් මොහොමඩ් අස්‌මි සහ මනිවෙල් කුමාරස්‌වාමි නමැත්තන්ට වෙඩි තබා ඔවුන් මරා දැමීම සහ රාජපුරුගේ ගාමිණී නමැත්තාට වෙඩි තබා තුවාල සිදුකොට ඔහු මරා දැමීමට තැත් කිරීම ඇතුළු චෝදනා 10 ක් යටතේ දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් 13 දෙනකුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නඩුව පවරා තිබේ.
විත්තිකරුවන් වන්නේ විතානලාගේ අනුර තුෂාර ද මෙල්, හෙට්‌ටිකංකානම්ගේ චන්දන ජගත් කුමාර, චමින්ද රවී ජයනාත්, ලංකා රසාංජන, මාලක සමීර, විදානගමගේ අමිල, සරත් බණ්‌ඩාර, සුරංග ප්‍රේමලාල්, සමන්කුමාර අබේවික්‍රම, ජනක බණ්‌ඩාර ගලබොඩ, අරුවාදුර ලෝරන්ස් රොවෙලෝ දුමින්ද සිල්වා, රෝහණ මාරසිංහ සහ නාගොඩ ලියනගේ ශාමින්ද යන අයයි.
විත්තිකරුවන්ට එරෙහි ලඝූ නොවන නඩු විභාගයක් පැවැත්වීමට ලබන 14 දා එහි උධෘත ගොනු කිරීමට නියමිත අතර එතෙක් සියලු සැකකරුවන් රක්‌ෂිත බන්ධනාගාර ගතකරන ලෙසට මහෙස්‌ත්‍රාත්වරයා නියම කළේය.

0 comments:
Post a Comment