හලාවත
- තිඹිල්ල ප්‍රදේශයේ නිවසක් තුළ කිසියම් පිපිරීමක් සිදුවී ඇති බව හලාවත
පොලීසිය කියයි. (18) පෙරවරුවේ මෙම පිපිරීම සිදුවී ඇත. පිපිරීමත්
සමගම ඇතිවූ ගින්නට අසුවීමෙන් පිළිස්සුම් තුවාල ලැබු බව කියන උඩප්පුවේ
පදිංචි මානික්කරාජා කුමාර් (28) යන හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත.
මෙම පිපිරීම කවර ආකාරයේ එකක්ද යන්න මෙතෙක් අනාවරණය වී නැත.මෙම නිවස
හිමිකරුවන් මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් පිපිරීම සිදුවන විට නිවසේ
සිට ඇත්තේ තුවාල ලබා රෝහල්ගත කර සිටින තරුණයා පමණක් බවත් පොලීසිය කියයි.
හලාවත පොලීසිය වැඩදුර පරීක්ෂණ කරගෙන යයි.









0 comments:
Post a Comment