ලංකා ඛනිජ තෙල් සංස්‌ථාව (සිපෙට්‌කෝ) මේ වනවිට රුපියල්
කෝටි දෙදහස් පන්සියයකට වඩා මූල්‍ය පාඩුවක් ලබා තිබීම
හේතුවෙන් සංස්‌ථාවේ සේවකයින්ගේ සකසුරුවම් ණය ව්‍යාපෘතිය
සඳහා රාජ්‍ය බැංකුවකින් රුපියල් මිලියන පන්සියයක මුදලක්
වැඩි පොළියට ලබාගෙන තෝරාගත් පිරිසකට ණය ලබාදී තිබේ.
සියයට දාහතරක පොලියකට රාජ්‍ය බැංකුවකින් මෙම මුදල ලබාගෙන
සියයට 4.2 ක සහන පොලියකට සේවකයන්ට මෙම ණය ලබාදීම සිදු
කිරීම නිසා සංස්‌ථාවේ මූල්‍ය අර්බුදයට තවත් ණය පොලී ගෙවීමේ
බරක් පැටවී ඇතැයි තෙල් සංස්‌ථා මුදල් අංශයේ ප්‍රධානියෙක්
"දිවයින"ට පැවසීය. තෝරාගත් සේවකයන් දෙසීයකට සකසුරුවම් ණය
බෙදාදී තිබෙන අතර, අතිරික්‌ත සේවකයන් සිටින තෙල් සංස්‌ථාවේ
හා ගබඩා පර්යන්තයේ සේවකයන්ට මසකට රුපියල් කෝටි එකොළහක
අතිකාල දීමනා ගෙවීමටද සිදුව තිබේ.මෙම අතිකාල ලබා ගන්නා අති බහුතරය අධ්‍යක්‍ෂ මණ්‌ඩලයට හිතවත් හා ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සේවකයන් බවද සංස්‌ථාවේ මුදල් අංශයේ ප්‍රධානියෙක් කියා සිටියේය. මෙම මූල්‍ය අලාභවලට අනුව තව වසර දෙකක්‌වත් තෙල් සංස්‌ථාව පවත්වාගෙන යා නොහැකි බවද හෙතෙම පැවසීය.








0 comments:
Post a Comment