කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 10 වැනි අදියර හෙවත්
2013 වසරේ ශූරතාව දිනා ගැනීමට ඔස්‌ටේ්‍රලියානු කාන්තා
ක්‍රිකට් කණ්‌ඩායම (17 දා) සමත්විය. අදාළ අවසන් මහ
තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්‌ඩායමට එරෙහිව ලකුණු
114 ක දැවැන්ත තරග ජයක් ලබමින් එම ශූරතා කුසලාන දිනා ගැනීමට
ඔස්‌ටේ්‍රලියානු ක්‍රීඩිකාවෝ සමත්වූහ.
මුම්බායිහි පැවැති මෙම තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන්
ඔස්‌ටේ්‍රලියානු පිල නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 7 කට
ලකුණු 259 ක් රැස් කිරීමට සමත් වූ නමුදු ඊට පිළිතුරු ඉනිම
ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්‌ඩායම් පන්දුවාර 43.1 කදී
සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 145 ක්
පමණි.අදාළ ශූරතාව ඔස්‌ටේ්‍රලියානු කාන්තා කණ්‌ඩායම දිනා ගනු ලැබුවේ 6 වැනි වතාවට වීම විශේෂත්වයක් වේ. මෙම තරගයේදී ඔස්‌ටේ්‍රලියානු පිල වෙනුවෙන් පිත්තෙන් දස්‌කම් දැක්‌වීමට කැමරන් (75) හේන්ස් (52) සමත්වූහ. පන්දු යෑවීමෙන් පෙරී කඩුලු 3 ක් සහ ෂට්, ස්‌තෙල්ර්, සහ ඔබ්රන් කඩුලු 2 බැගින් බිඳ හෙලුහ.
මෙම තරගාවලියේ කැපී පෙනෙන දස්‌කම් දැක්‌වීමට සමත්වූ කණ්‌ඩායමක් වන බටහිර ඉන්දීය කොදෙව් කණ්‌ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභිණිය බවට පත් වූයේ ඔග්ලෙරෙල්ලා (23) ක් පමණි.
මෙම අවසන් මහ තරගයේ වීරයා සම්මානය ජෙස් කැමරන් විසින්ද තරගාවලියේ වීරයාට හිමි සම්මානය එස්. ඩබ්. බේට්‌ස් විසින් දිනා ගන්නා ලදී.
ලකුණු සාරාංශය / ඔස්‌ටේ්‍රලියානු කාන්තා කණ්‌ඩායම පන්දුවාර 50 කදී කඩුලු 7 ට ලකුණු 259 යි (ලනිස් 31, හේන්ස් 52, කැමරන් 75, µSල්ඩ්න් (නොදැවී) 36, පෙරී (නොදැවී) 25, ක්‌වන්ටින් 27/3)
බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්‌ඩායම පන්දුවාර 43.1 කදී සියලු දෙනා දැවී ලකුණු 145 යි (නයිට් (නොදැවී) 21, ඕග්රෙල්ලා 23, ඩොටින් 22, ෂට් 38/2, ස්‌තෙල්කාර් 20/2, පෙරී 19/3, ඔබර්න් 26/2)








0 comments:
Post a Comment